2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

සැම්සුන් ශ්‍රී ලංකා ගැලැක්සි S8 හා S8+ Smart දුරකථන (වර්ණවත් සංගීත රාත්‍රියක් සමඟ ශ්‍රී ලංකාවට හඳුන

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

සැම්සුන් ශ්‍රී ලංකා විසින් පාරිභෝගිකයන් බලාපොරොත්තුව සිටි ගැලැක්සි S8 හා S8+ Smartphones අප්‍රේල් මස 21 වැනි දින ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. නෙළුම් පොකුණ රඟහලේ බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු මෙම සුවිශේෂි අවස්ථාව ශ්‍රී ලාංකික නව පරපුරේ සංගීත ශිල්පීන්ගෙන් වර්ණවත් විය. 
මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක යංමින් ෂින් මහතා පවසා සිටියේ සැම්සුන් ගැලැක්සි S8 හා S8+ Smartphones පෙර නොවූ ලෙස නවීන මාදිලියට සරිලන පරිදි ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි ලෙස නිර්මාණය කර ඇති බවය. සම්ප්‍රදායික Smartphones වලින් බැහැරව සුවිශේෂි දෘඩාංග වලින් නිර්මාණය වී ඇති ගැලැක්සි S8 හා S8+ Smartphones සතු Infinity Display මඟින් ඉතා ඉහළ නැරඹිමේ අත්දැකීමක් ලබාදෙන බවද ඔහු පැවසුවේය.

උසස් නිර්මාණයන් හඳුන්වාදීම පිළිබඳ උරුමයක් සතු සැම්සුන් සමාගම, ගැලැක්සි S8 අඟල් 5.8ක ප්‍රමාණයෙන් මෙන්ම ගැලැක්සි S8+ අඟල් 6.2 ප්‍රමාණයෙන් නිර්මාණය කර ඇත. මෙම දුරකථන වල කැමරා කාචය ඉතා තියුණු මට්ටමක පවතින අතර 8MP F1.7 (Smart Autofocus) ඉදිරිපස කැමරාව හා 12MP 1.7 ද්විත්ව pixel පිටුපස කැමරාව මඟින් මඳ අඳුරු පසුබිමක වුවද ඉතා පැහැදිලි ලෙස ඡායාරෑප ගැනීමට හැකිය. තවද ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රථම හා වේගවත්ම මෙන්ම කාර්යක්ෂම processor ලෙස සැලකෙන 10nm processor මෙහි ඇතුළත් වේ.
ගැලැක්සි S8 හා S8+ Smartphones මඟින් දිප්තිමත් වර්ණ මත චිත්‍රපට හා රූපවාහිනි නාට්‍ය නැරඹීම සඳහා Mobile HDR Premium. UHD Alliance විසින් ලොව ප්‍රථම වරට ජංගම දුරථනයක් සහතික කර ඇත.

ජංගම දුරකථනයන්හි සුරක්ෂිතභාවය පිළිබඳව ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතින්ට අනුව Samsung knox ආධාරයෙන් ගැලැක්සි S8 හා S8+ Smart දුරකථන නිපදවා ඇත. ගැලැක්සි S8 හා S8+ Smart දුරකථනයන් පාරිභෝගික සුරක්ෂිතභාවය සඳහා ජීව විද්‍යාත්මක තාක්ෂණය යොදාගනිමින් (biometric technologies) fingerprint scanner, iris scanner, facial recognition වැනි පද්ධතීන්ද ඇතුළත් කර ඇත. 

මීට අමතරව සැම්සුන් පාරිභෝගිකයින්ට සුපුරුදු අංගයක් වන ජලයට හා දූවිලි වලට ඔරොත්තු දෙන IP68 ද මෙහි ඇතුළත් වන අතර මයික්‍රෝ SD 256GB දක්වා ධාරිතාව සැමවිටම පෙන්නුම් කිරීම මත වයර් නොමැතිව charge කිරීමේ හැකියාවද ඇත. Bixby නමින් නවීණ සේවාවන්ද මෙම දුරකථනවලට ඇතුළත් කර ඇති අතර Bixby බොත්තම භාවිතා කරමින් via apps, with simple voice, touch, vision and text commands වැනි අවශ්‍ය සේවාවන් වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිවේ. 

Harman විසින් AKG දක්වා සුසර කරන ලද තියුණු ශබ්දයක් ලබාදෙන එමෙන්ම ගැට නොගැසෙන ලෙස හා පහසුවෙන් භාවිත කළ හැකි anti-angle metal-fabric මාධ්‍යයෙන් නිපදවා ඇති earphone මෙහි ඇතුළත් වේ.
ගැලැක්සි S8 හා S8+ Smartphones කළු, නිල් හා රන් වර්ණයෙන්ගෙන් ලබාගත හැකිවේ.