2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ජනශක්ති සහ මොබිටෙල් වෙතින් පාරිභෝගිකයන්ට සෞඛ්‍ය රැකවරණ

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

ඔබ සමඟයි සැමදා යන උද්දෘත පාඨය සැබෑවක් කරමින් දරාගත හැකි මිලකට ආරක්ෂාකාරී පහසු බරපතළ රෝග රක්ෂණාවරණයක් සිය පාරිභෝගිකයන් වෙත ලබාදීමට ජනශක්ති ආයතනය සමඟ මොබිටෙල් ආයතනය අත්වැල් බැඳගනී. හෘදයාබාධ, පිළිකා, වකුගඩු ආබාධ සහ බයිපාස් ශල්‍යකර්ම ආදී බරපතල රෝග 25ක් සඳහා මෙම රක්ෂණ ආවරණය තුළින් ගෙවීම් සිදුකරයි.

තමන්ගේ විශාල පාරිභෝගික පිරිසගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවයේ ඇති වැදගත්කම අවබෝධ කරගනිමින් මොබිටෙල් ආයතනය මෙම සුවිශේෂී රක්ෂණාවරණය නිර්මාණය කිරීමට කටයුතු කළේය. සිය පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ පවුල්වල අයට ලෙඩරෝග පිළිබඳව කරදරයකින් තොර නිදහස් මනසකින් ජීවත්වීමේ අවස්ථාව උදාකරදීම උදෙසා ජනශක්ති ලයිෆ් ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් මෙම සුවිශේෂී රක්ෂණාවරණය හඳුන්වාදීමට ඔවුන් මූලිකත්වය ගත්තේය. තාක්ෂණයේ වරප‍්‍රසාද එදිනෙදා ජීවිතයට එකතුකරමින් සිය පාරිභෝගිකයන්ගේ ජීවිතවල අගය ඉහළ නැංවීමට මොබිටෙල් ආයතනය සිදුකරන කැපවීම මෙවන් ව්‍යාපෘති මඟින් මනාව ප‍්‍රදර්ශනය වේ. සාම්ප‍්‍රදායික ජීවිත රක්ෂණ ක‍්‍රියාවලියට එහා ගොස් තමන් අත ඇති ස්මාර්ට් ජංගම දුරකථනය මඟින් ජීවිත රක්ෂණයක් තෝරාගැනීමේ අවස්ථාව සිය පාරිභෝගිකයන්ට ලබාදීම හරහා නවීන ජීවන රටාවේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීමට මොබිටෙල් ආයතනය සැමදා කැපවේ.   

මේ පිළිබඳව අදහස් දැක්වූ මොබිටෙල් ආයතනයෙහි ප‍්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා,

අපේ පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය හා සතුට සහතික කිරීම ජාතික ජංගම දුරකථන ජාලය ලෙස අපේ කාර්යයක් බව මොබිටෙල් අපි විශ්වාස කරනවා. ඩිජිටල් කරණයෙන් බලගැන්වූ ජීවන රටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සන්නිවේදන සේවා සපයන ශ‍්‍රී ලංකාවේ සන්නිවේදන ප‍්‍රමුඛයා ලෙස සුරක්ෂිතතාවය සහ සුවපහසුව ඇති මෙවන් බරපතල රෝගාබාධ සඳහා රක්ෂණ යෝජනාවක් අපේ පාරිභෝගිකයන්ට ලබාදීම වෙනුවෙන් අපි වෙහෙසී කටයුතු කළා. මෙම රක්ෂණාවරණය තුළින් අපේ පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා රුසක් සම්පූර්ණ වන බව අප දන්නවා. මොබිටෙල් පාරිභෝගිකයන් සඳහාම විශේෂයෙන් වෙන්වූ මෙවන් බරපතල රෝගා රක්ෂණාවරණයක් නිර්මාණය කිරීම පිළිබඳව ජනශක්ති ලයිෆ් ආයතනයට අප ඉතා ස්තූතිවන්ත වෙනවා. මෙවන් බරපතල රෝගාබාධ රුසක් සඳහා රෝහල්ගත වීමකදී හෝ ප‍්‍රතිකාරයකදී වැයවන මුදල් පිළිබඳ කරදරයකට මුහුණ දීමකින් තොරව හිත සැහැල්ලුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව ඇතිකරන මෙවැනි කාලීන රක්ෂණාවරණ සැලසුමක් අපේ පාරිභෝගිකයන් සියලූ දෙනා වෙත හඳුන්වාදීමට ලැබීම ගැන අපි ඉතාමත් ආඩම්බරයට පත්වෙනවා. ඔබ සමඟ සැමදා රුඳෙන එක අපේ විශ්වාසයයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ජනශක්ති ජීවිත රක්ෂණ සමාගමෙහි අධ්‍යක්ෂ/ ප‍්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප‍්‍රනාන්දු මහතා මොබිටෙල් ආයතනය සමඟ ඒකාබද්ධ වී මොබිටෙල් පාරිභෝගිකයන් සඳහා මෙම නව රක්ෂණාවරණය හඳුන්වාදීම සම්බන්ධව අපි වඩාත් සතුටට පත්වෙනවා. දුරකථන සන්නිවේදන ජාලයක් සමඟ ඒකාබද්ධ වී බරපතල රෝග රක්ෂණාවරණයක් ශ‍්‍රී ලංකාවට හඳුන්වාදුන් ප‍්‍රථම අවස්ථාව ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30