2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

විදේශ සේවා සහ මොබිටෙල් වෙතින් ශ‍්‍රී ලාංකිකයන්ට රන් පියාපත් පැකේජය

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ දිගු කාලීන අවශ්‍යතාවය සපුරාලමින් තමන්ගේ ආදරණීයයන් සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජාතික ජංගම සේවා සැපයුම්කරු වන මොබිටෙල් ආයතනය  සමඟ අත්වැල් බැඳගනිමින් ‘රන් පියාපත්’ සන්නිවේදන පැකේජය හඳුන්වාදීමට කටයුතු කර ඇත.

වසර ගණනාවක් පුරා, මිලියනයකට ආසන්න පිරිසක් රුකියා සඳහා විදෙස්ගතව ඇති අතර, මෙමගින් ශ‍්‍රී ලංකාවට සැලකිය යුතු විදේශ විනිමයක් ලැබෙමින් පවතී. මෙම රන් පියාපත් සන්නිවේදන පැකේජය විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ ගාස්තු සහිත සන්නිවේදන පහසුකමින් සහ ශ‍්‍රී ලංකාවේ වෙසෙන සිය පවුලේ උදවියට ද විශේෂ ගාස්තු සහිතච දේශීය ඇමතුම් ලබාදෙන පරිදි  සකස්කර තිබේ. මෙම පැකේජය මඟින් විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ට පළමු මාසයේ ශ‍්‍රී ලංකාවට නොමිලේ ඇමතුම් මිනිත්තු 200ක් ලබාදෙනු ලැබේ. තවද ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට 1989 මගින් ක්ෂණික ඇමතුම් නොමිලේ  ලබාගැනීමට හැකි අතර දෙවන මාසයේ සිට විශේෂ ප‍්‍රතිලාභ රැසක් ද මෙම පැකේජයට හිමිවේ. විදේශ රටවල සේවය කරන අපේ හිතවතුන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි නිර්මාණය කරඇති ‘රන් පියපත්’ පැකේජය මඟින් ඔවුන්ගේ හිතවතුන්ට ඉතාම සාධාරණ මිලකට වැඩි කාලයක් වීඩියෝ ඇමතුම්, voice ඇමතුම්ල කෙටි පණිවුඩ හෝ වෙනත්  ඕනෑම මාධ්‍යයක් හරහා තම ආදරණීයයන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලබා දී තිබේ. පාරිභෝගිකයින්ට  වැඩි වටිනාකමක් එක්කරමින් මොබිටෙල් සමාගම විදේශ රටවල සේවය කරන සිය  ශ‍්‍රී ලාංකීය පවුල්වලටද පළමු මාසයේ මොබිටෙල් ජාලය තුළ නොමිලේ විනාඩි 1000ක් SMS 1000ක් සමග අන්තර්ජාල පහසුකම් සහ MB 1000 ක් ද ලබාදීමට කටයුතු කර තිබේ

පළමු  මාසයෙන්  පසුව  රිලෝඩ් කිරීමට ලංකාවේ සිට හැකියාව ඇත. තවද mCash භාවිත කිරීමෙන් හෝ www.mobitel.lk වෙත පිවිසීමෙන් රිලෝඩ් සිදුකර ගත හැක. මොබිටෙල් ආයතනය D told, TransferTo, Lanka reload, Matrix, Tranglo, Kapruka and Teleseene ආදී අන්තර්ජාතික සේවා නියෝජිතයන් සමඟ අත්වැල් බැඳගත් බැවින් විදේශගතව සිටින සේවකයන්ට ඉතාම පහසුවෙන් තමන්ගේ පැකේජයට රීලෝඩ් දමාගැනීමේ හැකියාව ලබා දී තිබේ.

සිය පවුලේ සාර්ථකත්වය උදෙසා විශාල පිරිසක් වාර්ෂිකව පිටරටවල සේවය කිරීමට ශ‍්‍රී ලංකාවෙන් පිටත් වෙති. ඔවුන් තමන්ගේ ආදරණීයන් සහ පවුලේ සියලු දෙනාගෙන් දුරස්ථව තනියම දුර ඈත රටක සේවය කිරීමට පැමිණ සිටී. ‘රන් පියාපත්’ පැකේජය නිසා තමන්ගේ ආදරණීයන් සමඟ නිතර සම්බන්ධවීමේ අවස්ථාව ඔවුන්ට හිමිවේ. ඔබ ළඟම සැමදා සිටින මොබිටෙල් උසස් තත්ත්වයෙන්, පහසුවෙන් සහ ඉතාම සාධාරණ මිලකට විදේශයේ සේවය කරන අයට සන්නිවේදන පහසුකමත් ශ‍්‍රි ලංකාවේ සිටින අයට දේශීය පැකේජයත් ලබාදෙයි.

පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ආයතනයක් ලෙස මොබිටෙල් ආයතනය සැමවිටම ඉලක්කගත කණ්ඩායම්වල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට දැඩිව කැපවෙයි. ජාතියේ ජංගම දුරකථන ජාලය මොබිටෙල් විසින් ආරක්ෂාකාරී, සහතික කළ සහ ආර්ථීක වශයෙන් ලාභදායී සන්නිවේදන පැකේජයක් විදේශ රටවල සේවය කරන අයට නිර්මාණය කරදීමට වෙහෙසවී ඇත.

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30