2018 ජනවාරි 06 වන සෙනසුරාදා

ශ‍්‍රී ලංකා ටෙලිකොම් රුපියල් බිලියන 5ක ණයකර නිකුතුවකට සැරසෙයි

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 205

මෙරට කීර්තිමත් සමාගමක් මෙන්ම ශ‍්‍රී ලංකාවේ ටෙලිකොම් සහ තොරතුරු තාක්‍ෂණ මෙහෙයුම් සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ ස්ථානයක් හිමිකරගත් ශ‍්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී (SLT) සමාගමේ රුපියල් බිලියන 5ක ලැයිස්තුගත ණයකර නිකුතුවක් සඳහා එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කළ බව SLT විසින් නිවේදනය කර තිබේ. නියාමන අනුමැතියන්ට යටත්ව අධි ඉල්ලුමක් සඳහා තවත් රුපියල් බිලියන 2ක ණයකර නිකුත් කිරීමටද SLT ආයතනය සූදානමින් සිටියි. 

SLT යනු කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන අතර එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් ජීවන රටා සැපයුම්කරැ ලෙසින් හඬ, දත්ත, අන්තර්ජාලය, ගෝලීය සබැඳුම්, රූපවාහිනී, අධ්‍යාපන සහ අදාළ තවත් සේවා සමගින් දැවැන්ත පරාසයක සේවාවන් මෙරටට පිරිනමයි.

වෙළෙඳපොළ තරගකාරීත්වය මෙන්ම වෙළඳපොළ අභියෝගාත්මක පරිසරයන් මධ්‍යයේ වුව 2016 වසරේදී ටෙලිකොම් සමූහයේ පිරිවැටුම රුපියල් බිලියන 74ක් විය. එසේම එම වසරේ සමාගමේ වත්කම රුපියල් බිලියන 143ක් ලෙසින් සඳහන් වේ.

මෙසේ ණයකර නිකුතුවේ ඉපැයුම්  IPTV, DTIH දත්ත මධ්‍යස්ථාන, ගෝලීය සබැඳුම් ආදිය වෙනුවෙන් හෙවත් එහි සේවා ව්‍යාප්තීන් වෙනුවෙන් ආයෝජනය කිරීම සහ දිගුකාලීන ණය කල්පිරීමේ පැතිකඩ වර්ධනය කිරීම සමාගමේ අපේක්‍ෂාව වී තිබේ. 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00