2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

කොවිඩ් එන්නතේ අපි නොදන්න විස්තරේ!

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 402

ලංකාවේ අපටත් දැන් කොවිඩ් -19ට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නත් ලැබීමේ වාසනාව උදාවී තිබේ. මේ  මොහොත වනවිටද රටේ එන්නත්කරණ වැඩපිළිවෙළ අරඹා හමාරය.  නමුත් බොහෝ දෙනාට මේ එන්නත සහ ඉදිරියේදී එන්නට නියමිත එන්නත් ගැන ගැටලු තිබෙන බව පෙනී යයි. මේ බහුලව ඇසෙන ඒ සමහර ගැටලුවලට පිළිතුරුය.

• මේ එන්නත මොකක්ද? මොන රටක නිර්මාණය කරන ලද්දක්ද?

එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වනවිට නිෂ්පාදනය සිදුකරන එන්නතකි. 

ලංකාව තුළ ලබාදීමට යෙදෙන්නේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කරන ලද ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන CoviShield යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නත වේ.

• මෙම එන්නතේ ගුණාත්මකභාවය කොහොමද? 

මෙම එන්නත ලබා ගැනීම මගින්,

1. covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු  ලෙස අඩු වේ. (පර්යේෂණ වාර්තා වලට අනුව මෙම අගය 62% සිට 90% දක්වා වන බව තහවුරු කර ඇත)

2. ඊට අමතරව රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ අවදානමද විශාල ලෙස අඩුවන බව සොයාගෙන ඇත.

3. මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුණද එමගින් සංකූලතා ඇතිවීම, දරුණු රෝගී තත්ත්වයක් ඇතිවීම ඉතා විශාල ලෙස අඩු වීමක් පෙන්නුම් කර ඇත. (පර්යේෂණ වාර්තාවලට අනුව පර්ෙය්ෂණ භාජනය කළ 10,000 කට අධික පිරිසගෙන් කිසිම කෙනෙකුට රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන තරම් රෝගී තත්ත්වයක් වැළඳී නැති බව වාර්තා වනවා)

මේ සියලුම වාසි ලැබුණත්, මෙම එන්නත සහ දැනට ලෝක වෙළඳපොළේ අනුමත අනෙකුත් එන්නත් සියල්ලම භාවිතය සඳහා අනුමත කර ඇත්තේ දැනට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අප ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට අමතරව රෝගය පැතිරීම වැළැක්වීමට නව ජවයක් එකතු කිරීමට මිස එම ආරක්ෂක විධිවිධාන සියල්ල අතහැර දමා එන්නත මත පමණක් යැපීමට උනන්දු කරවීමට නොවේ.

• මෙම එන්නත් ලබාදෙන්නේ කාටද? 

මෙම එන්නත් ලබාදීම සිදුකරනුයේ රෝගය වැළදීමට ඇති අවදානම මුල්කරගෙන නිර්මාණය කරන ලද ප්‍රමුඛතා ලයිස්තුවකට අනුකූලවයි. මුලින්ම එන්නත් ලබා දෙනුයේ කොරෝනා ආසාදිතයන් සමග ගැටෙන පළමු පෙළ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් හඳුනාගත් අංශවල සිටින පුද්ගලයින්.

දෙවැනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් ඉන්පසු අඩු වන වයස් පිළිවෙළට, අවදානම් සාධක ද සලකා බලා, පියවරෙන් පියවර එන්නත ලබාදීමට තීරණය කර ඇත.

• මෙම එන්නත දැනට අනුමත කර නැත්තේ කුමන කාණ්ඩ සඳහා ද? 

‣  වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට

‣  ගර්භනී මව්වරුන්ට සහ මව් කිරි දෙන මව්වරුන්

‣  එන්නත් සඳහා දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්.

‣  මේ කරුණුවලට අමතරව සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් සෑම පුද්ගලයෙකුම එන්නත ලබාගැනීමට ඇති යෝග්යතාවය සලකා බැලීමෙන් පසුව පමණක් එන්නත් ලබාදීම සිදුකරනු ඇත.

• කොරෝනා ආසාදනයට ලක්වූ පුද්ගලයකුට මෙම එන්නත් ලබාගත නොහැකිද? 

රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත් කරනය සඳහා බාධාවක් නොවේ. එම නිසා ඉහත සඳහන් කළ කාණ්ඩ වලට අයත් නොවන සියලු දෙනාටම මෙම එන්නත එන්නත් කළ හැක.

HEB news

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00