2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

එයා බුකියෙන් ගියා

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 465

පසුගිය කාලෙ මුහුණු පොතේ ජනප්‍රිය වැඩකාරයෙක් වුණ අපේ රටේ ඡන්ද මාස්ටර් එකපාරටම මුහුණු පොතෙන් අයින් වෙන්න තීන්දුවක් අරන්. අනේ උන්නැහේගෙ මේ හදිසි තීන්දුව ගැන කම්පා වුණ පාඨකයො හිතවතුන් එයාට දහ අතේ වැඳල කිව්වලු තමුන්නැහේ මේ ෆේස් බුකියෙන් යන්න නම් එපාය කියලා...

ඒත් එයා ඒ ඉල්ලීම් ගණන් නොගෙන බුකියෙන් යන්නම තීරණය කරාලු. ඉතින් ඊට පස්සේ කස්ටිය සොයල බැලුව ඇයි අනේ මේ එකපාරට ඡන්ද මාස්ටර් බුකියෙන් බැහැල යන්න ගියේ කියලා....

ඊට පස්සෙ හේතුව හෙළිදරව් වුණා. මුහුණු පොතේ අර්බුදකාරී සටහන් පළවුණ එක්තරා පිටුවක අයිතිකාරය උන්නැහෙත් යහපාලනේ ගේන්න බැහැල වැඩකරපු (දැන් යහපාලනේට බණින) මහාචාර්යවරයකුත් කියල ප්‍රකාශ වීම නිසාලු ඡන්ද මාස්ටර් බුකියෙන් අයින් වුණේ. මේ කාරණාව හෙළිදරව් වීමෙන් පස්සෙ සමහරු ඒ ගැන අනං මනං දොස් පරොස් කියන්න වීමත් මේ ඉවත්වීමට බලපාපු බවයි ආරංචි.