2018 මැයි 05 වන සෙනසුරාදා

වැසිකිළියට ගිය තහනම් ගහ

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1673

රටේ ඉහළම තැනක කාර්යාලයක මේ දවස්වල ලොකු වලියක්ලු. පොඩි වළියක් නෙමෙයි වැසිකිළි වලියක්ලු. තට්ටු ගොඩනැගිල්ලක තියෙන එක අංශයකට වැසිකිළියක් නෑලු. මේ නිසා මේ අය යන්නෙ ඉහළ තට්ටුවක වැසිකිළියට. කෙසේ වෙතත් ඒ අංශයේ එක්තරා ලේඛන බාරව ඉන්න ලොක්කෙක්ගේ කාමරයක් වැසිකිළියට දෙන්න කැමැති වෙලා. ඒ කාමරේ දීලා ඔය වැසිකිළිය නැති අංශය ඇතුළට පැනගන්න එයා දත කනවලු.

ඉතින් මේ ගැන පුදුම හිතුණු කට්ටිය ඇයි මෙච්චර තමන්ගෙ කාමරේ වැසිකිළියකට පූජා කරන්න තරම් මෙයා පරාර්ථකාමී කියලා සොයාබැලුවාට පස්සේ තමයිලු හේතුව අහුවුණේ. එයාගේ තහනම් ගහේ ආදර කතාවක් ඔය වැසිකිළි නැති අංශයේ තියෙනවලු. ඒ ආදර කතාව තව තවත් සමීප කරගන්නලු තමන්ගෙ කාමරේ වැසිකිළියට දීලා අර අංශයට පනින්න හදන්නෙ.

මේක දැනගත්ත වැසිකිළි අංශයේ ලොක්කා දැන් අරයගේ කාමරේ එපා වෙන තැනක් දෙන්න කියනවලු. මේකෙන් අරයගේ හීන බොඳවුණු නිසාත් එයාගේ තහනම් ප්‍රේමයට අකුල් හෙලුව නිසාත් දැන් මෙයා අර අංශය ගොඩනැගිල්ලෙන් එළවන්න ප්ලෑන් ගහනවලු. ලොක්කන්ට කේළමුත් කියනවලු. අවංක ආදරයට කොහේදෝ බාධා නැත්තේ කියලලු දැන් කට්ටිය කියන්නේ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00