2017 ජනවාරි 14 වන සෙනසුරාදා

පසුපෙළ හොඳයි

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 293

ශ්‍රී ලංකා පක්ෂයේ නිර්මාතෘතුමාගෙ ජන්ම දිනය පසුගියදා ගාලුමුවදොර එතුමගෙ ප්‍රතිමාව අසල තිබුණ... ඒ වෙලාවට රටේ ලොකු මහත්තය වගේම හිටපු ජනපතිතුමියත් බණ්ඩාරනායක පවුලේ අයත් ඇරැයුම් ලබල සිටිය...

බණ්ඩාරනායක යුවලගේ වැඩිමහල් දියණිය මුලින්ම උත්සව සභාවට පැමිණියා. එතුමියට උත්සවයේ මුල්පෙළ ප්‍රධානම අසුනක් වෙන්කරල තිබුණෙ බණ්ඩාරනායකතුමාගෙ ලොකු දෝණියැන්ද නිසා.. සංවිධායක එතුමියට හිමි මුල් පෙළ අසුන පිරිනැමුවම එතැන අසුන්ගත් එතුමිය සුළු වෙලාවකින් සංවිධායකයකුට කතා කරල අමුතු කතාවක් කිව්වා...

ආණ්ඩුවෙ මැති ඇමැතිල අගමැතිල ජනාධිපතිල වාඩිවෙන පේළියෙ මම ඉන්න එක හරි නැහැ කියල මට හිතෙනව... එතුමිය එහෙම කිව්වම පුදුම වුණ නිලධාරිතැන කිව්ව නැහැ නැහැ බණ්ඩාරනායක පවුලේ අයට ඉදිරිපෙළම දෙන්න නියම කරල තියනවා ඔබතුමිය ඔතනම ඉන්න කියලා... ඒත් ඒ කතාව එතුමිය පිළිගත්තෙ නැහැ..

නැහැ.. නැහැ... ඒක හොඳ නැහැ මට පිටිපස්සෙ ආසනයක් හොඳයි. මේ ආසනේ ඔය මැති ඇමැතිතුමන්ල කාටහරි දෙන්න කියල ඉදිරිපෙළ ආසනයෙන් නැගිටල පස්සෙ පේළියෙ ආසනේක බලෙන්ම වගේ ගිහින් ඉඳගත්ත. ඊට පස්සෙ කවුරු කිව්වත් එතුමිය ඉදිරි අසුන පිළිගත්තෙ නැහැ.

අද හුඟක් ජාතික උත්සවවලදී ඉදිරිපෙළ ආසන ලබාගන්න ගහමරාගන්න දේශපාලන ලොක්කො ඉන්න රටක බණ්ඩාරනායක දියණිය දුන්න ආදර්ශය හුඟක් අයට වටිනව කියල ඒ දිහා බලන් හිටපු හුඟ දෙනෙක් කිව්වා...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00