2021 ජනවාරි 09 වන සෙනසුරාදා

සංචාරක බාල්දිය!

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 515

යුක්රේන සංචාරක කේස් එකට මැදිහත් වෙලා වැඩ කරන්නේ හිටපු තානාපතිතුමාලු. එයා විෂය භාර කැබිනට් ඇමැතිත් කතා වෙලා වැඩේ පටන් ගත්තට දැන් දැන් එතැන අච්චාරුවක් වෙලා කියලයි ආරංචිය. තානාපතිතුමා එයාගේ සංචාරක සෙට් එකත් එක්ක යන එන තැන් දැන් ඇමැතිතුමා දන්නේ නැතිලු. වෙන බලධාරියෙක් දන්නෙත් නැතිලු. එහෙම කරන ගමන් එයා සංචාරක මණ්ඩලයට උපදෙස් දෙනවලු අපි අරහේ මෙහේ යනවා එනවා කියලා. මේක ආරංචි වුණු ඇමැතිතුමා කෙළින්ම උපදෙස් දීලලු සංචාරක අමාත්‍යංශය කිසිම හේතුවක් නිසා එයාගේ වැඩවලට සම්බන්ධ වෙන්න එපා කියලා. දැන් දෙන්නා තරහයිලු මූණට මූණ නොබලන්නම.

හැබැයි ඒ දැන දැනත් තවම අරයා එයාගේ වැඩේ හිතුමතේ යනවලු. ඒ වගේම මේ වැඩේ ඉවසගන්න බැරිව ඇමැතිතුමත් ළඟදිම මෙයාට බාල්දියක් පෙරළන්නලු හදන්නේ. ඒක පොඩි බාල්දියක් නෙමෙයි කියලලු ආරංචියත්.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00