2019 ජුනි 08 වන සෙනසුරාදා

බෝ රැක ඉවත් කිරීම

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 690

හිටපු ජනාධිපතිනියගෙ කාලෙ භාරතයෙන් මෙරටට වැඩම කළ ශ්‍රී මහ බෝධි අංකුරයක් රෝපණය කරල හදපු පූජ්‍යස්ථානයක් කොළඹට කිට්ටු නගරෙක තියෙනවා...

මේ නගරයෙ ඉන්න බහුතර පිරිස අන්‍යාගමික අයයි. නමුත් නගරෙ ඉන්න හැමෝම ඉතාම සුහදවයි ජීවත් වෙන්නෙ.

නමුත් පළාතෙ එක්තරා දේශපාලන බලවතකුගේ අනුග්‍රහය ලබන උන්නැහේ කෙනෙක් පළාතෙ කෙරෙන එක්තරා සංවර්ධන කටයුත්තකට මේ බෝ රැක කරදරයක් කියලා එතනින් බෝ රුක ඉවත් කරන්නත් එහි ඉදිකර තිබෙන පිළිම ආදිය ඉවත් කරන්නත් වැඩපිළිවෙළක් දියත් කළා... උන්නැහේ මේක කරන්න නියම කළේ පළාතෙ දිසාපති තැනටලු.

කොහොමහරි මේ වැඩේ කරන්න සේරම කටයුතු සූදානම් කරලා තිබෙනකොට ඒකට පළාතෙ ඉන්න ජනතාව වගේම අනෙක් දේශපාලන භවතුනුත් මැදිහත් වුණා...

ඒ ගැන දිසාපති තැනට කතා කළාම උන්නැහේ දිගින් දිගටම කිව්වෙ මේක කරන්නේ ලොකු සංවර්ධන වැඩසටහනක් සඳහා කියලයි...

අන්තිමේදි ඒගොල්ලො ශ්‍රී මහ බෝ රැක ඉවත් කරන්නම ට්‍රයි එක දෙනකොට පළාතෙ සෙසු මන්තිරිල කස්ටියක් ගිහිල්ලා රටේ දෙවැනි මහත්තය හම්බුවෙලා මේ නගරයෙ නැති ප්‍රශ්නයක් ඇතිකරන්න මෙයාල කරන ජරමරේ ගැන කිව්වා...

දෙවැනි මහත්තයට කතාව අහල හොඳටම කේන්ති ගියා... උන්නැහේ ටෙලිෆෝන් එක අරන් පළාතෙ දිසාපති තැනට හොඳවයින් දෙකක් කිව්ව. බෝ රුක ඉවත් කිරීමේ ජරමරය පිටුපස්සෙ හිටපු අය නකුට අකුලගෙන පැත්තකට වුණා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00