2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

ක්‍රිකට් බකට් එකක්

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 796

ක්‍රිකට් නිලවරණ උණුසුම ආරම්භවීමත් සමඟ ක්‍රිකට්වලට අරක්ගත්ත බහිරවයා වැඩ පටන් අරන් කියල ආරංචියි. එහි ආරම්භක පියවර හැටියට ඊයේ පෙරේදා එක්කෙනෙක් දැවැන්ත මධුසාදයක් පවත්වලත් තිබුණ.

මේ සාදයට පිටපළාත්වල සංගම්වල අය මේ හිටපු ක්‍රිකට් ලොක්ක කැඳෙව්වෙ ආණ්ඩුවෙ ඉහළම පුටු භාර දෙතුන් දෙනෙකුත් එනවය කියලයි. ඒත් මේ බහිරව කටයුතු ගැන හොඳින්ම දන්න ආණ්ඩුවෙ ලොක්කො කවුරුවත් මේ සාදයට ආවෙ නැහැ. ඒ වගේම ආරාධිතයොත් හිටියෙ බොහොම ටික දෙනයිලු.

කොහොම හරි ක්‍රිකට් මණ්ඩලේ පැත්තෙ පය ගහන්න වරම් නැතිව හිටපු ක්‍රිකට් ලොක්කෙක් මේ විදියට කටයුතු කරන්නෙ තමන්ට කැමැති කෙනෙක් ක්‍රිකට් සභාවෙ ලේකම් පුටුවෙ වාඩි කරවන්නලු...

ඒකට දැනටමත් ඔය මණ්ඩලේම කලින් හිටපු ක්‍රීඩා පවුලකට සම්බන්ධ ආණ්ඩුවෙ සභාපති පට්ටමකුත් දරන රණකාමී පොරක් පිටපොට ගහනවය කියලත් ආරංචියි. මේ තැනැත්තාට ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනන්න අමාරු නිසා ඒකට තරගයක් ඇතිවීම බලය යොදා නවත්තන්නත් ගේමක් ගහනවලු.

ඊටපස්සෙ ආණ්ඩුව ලවා ලේකම් පුටුවට ඔය කියන රණකාමී පොර පත්කරල පරාජිත වෙච්ච ක්‍රිකට් ලොක්ක පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන කාර් එක එළවන්නලු හදන්නෙ. හැබැයි ඔය ගේම් එක දැන් පත්තුවෙලා ඉවරයි. ඒක රටේ ඉහළම තැන්වල කන්වලටත් ගිහිල්ල කියලයි ආරංචි.

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00