2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

තීන්දුවටත් කළින් ගේම් ගහන අය

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 924

දැනට මහඋළු ගෙදර බෝඩිමේ ඉන්න අපේ නළු තුමාගෙ දියවන්නා ආසනේට මොකද කරන්නෙ කියන එක ගැන ටැලිෆෝන් කස්ටිය බලාගෙන ඉන්නෙ... ඒ ප්‍රශ්නය ගැන කවුන්සිල් ලොක්කන්ගෙ තීන්දුව ලබන සතිය වෙනකොට එළියට දානව කියලත් ප්‍රකාශ වෙලා තියෙනව.

කොහොම නමුත් මේ මන්ත්‍රී පුටුව ගැන තීන්දුවක් ගන්න නීති අංසෙ ලොක්කොයි දියවන්නාවෙ ලොකු ලොකු උදවියයි අතර පසුගියදා බරසාර සාකච්ඡාවක් තිබුණලු...

ඒකට කළු කෝට් ධාරී නීති විශාරද ඇමැති සයිස් මහත්තයකුත් එක්ක ඇවිත් හිටියෙ නීති අංශෙම මහ කන්තෝරුවක තවත් ප්‍රබල චරිතයක්.

මේ දෙන්නයි දියවන්නාවෙ බලවත් උදවිය දෙතුන් දෙනෙකුයි වාඩිවෙලා පැයක් විතර කතා කළේ නළු තුමාගෙ කේස් එක ගැනයි. ව්‍යවස්ථා පොත්, ස්ථාවර නියෝග පොත් පත් ගණනාවක් එතැනදී පෙරළල බැලුවලු. අන්තිමේදී නීති අංසෙ දෙන්නම දුන්නෙ එකම ජාතියෙ 'ඔපීනියන්' එකක් කියල තතු දත් ආරංචි මාර්ග කියනව. ඒ අනුව නළු තුමාගේ දේශපාලන ඉරණම ලබන සතියෙ තීන්දු වේවිලු.

ඒ අතරෙ ගම්පහ පැත්තෙන් ආරංචි වෙන්නෙ තාන්න ''මාන්න'' ගැන ''පෙරුම්'' පුරන එක්කෙනෙක් දියවන්නාවට යන්න සූට් මහනවය කියන කතාවයි.

ඒ වගේම නළුතුමා සංවිධානෙ කළ ආසනේට ඌව පළාතෙන් කටකාර පිංවතෙක් කුරුමානම් අල්ලන බවත් ආරංචියි.

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00