2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

කව්ද ඒක කිව්වෙ?

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 529

මේ ආණ්ඩුවට දෙන්නෙ මාස හයයි කිය කියා යන විපස්ස ලොක්කෙක් ඉන්නව. විපස්සය කියන්නෙ සමගි බලවේගෙ....

හොඳ කටක් තියෙන ළඟදි වැලිකඩ පැත්තෙත් ගිය පරාජිත නොවන උන්නැහේ පසුගියදාක දියවන්නා මැතිසබා ලොබියෙදි නැගෙනහිරින් ආපු සුළු ජාතික පක්ෂ ලොක්කෙකුට අපි ඔය කලින් කියපු ආණ්ඩුවෙ ආයුෂ මාස හයයි. ඒ නිසා එහෙට යන්න තියා හිතන්නවත් එපා කියන උපදෙස් දුන්න...

ඒ කතාව අපිත් දැනගෙන මේ ගොසිප් තීරුවෙත් ලිව්ව... ඊට පස්සෙ මේ ළඟදි ඔය කියන විපක්ෂයෙ කටකාර ලොක්කට අර නැගෙනහිර මන්තිරි තැන හම්බුවුණා. හම්බවුණ ගමන් ටිකක් මුහුණ ඇද කරගත්ත විපස්ස ලොක්කා නැගෙනහිර මන්තිරිට මෙහෙම කිව්ව. සවුත්තු වැඩ කරන්න එපා සහෝ.... ඔයාට එදා මම කිව්ව මේ ආණ්ඩුවෙ ආයුෂ මාස හයයි කියල. ඔයා ඒක පත්තරවල ගොසිප් ලියන එවුන්ට කිව්ව නේද? කියමින් දෝස් මුරේ දැම්ම.

ඒක අහපු නැගෙනහිර මන්ත්‍රී තැන ආ... ඒක පත්තරෙත් ගියාද? කියල පුදුමෙන් ප්‍රශ්න කළා.

ගියා නේන්නම්. මමත් කියෙව්ව. විපස්ස ලොක්කා කිව්ව.

මම නම් පත්තරවලට ඕව කියන්න ගියේ නැහැ නැගෙනහිර මන්ත්‍රී උත්තර බැන්ද.

එහෙනම් කවුද ඒක කිව්වෙ.... මම ඔහේට විතරයි ඔය කතාව කිව්වෙ. මෙන්න බොලේ ඒක ඊට පස්සෙන්ද පත්තරේ යනව. කියල ලොකු බරබරයක් දාල එයා යන්න ගියා. නැගෙනහිර මන්තිරි තැනට කටපුරා හිනා ගියා.

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00