2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

කඩයක් දාන්න යනවලු

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1158

රජවරුන්ට සම්බන්ධ පළාතකින් මහ ඡන්දෙ ඉල්ලුවත් කවුන්සිලේට සැට්වෙන්න බැරිවෙච්ච උන්නැහේ කෙනෙක් ඉන්නවා....

කාලයක් ඒ පළාතෙ දක්ෂ තරැණ නායකයෙක් හැටියට වැජඹුණු මුන්නැහේ පළාතක ලොකු ඇමැති පුටුවත්.... ඊට පස්සෙ ආණ්ඩුකාර පුටුවත් දෙකම හොබවපු යහපාලනේ කාලෙ ඉහළම තැන්වලට සම්බන්ධවෙලා හිටපු පොරක්. මෙයාගෙ පාටිය අත පාටිය. අත පාටියෙ ලොකු මහත්තයගෙ ගෝලයෙක් හැටියටයි කාලයක් එයා ගැන රට දැනගත්තෙ. හැබැයි මේ පාර ඡන්දෙදි මේ ගුරුගෝල සම්බන්ධය ටිකක් අවුල්වෙලා... ගුත්තිල මූසිල කේස් එකක් බවට පත්වුණා.

කොහොම හරි මනාපෙට දෙගොල්ලම දිව්ව. ඒත් මනාප රේස් එකේදි ජය - රත්නයක් වගේ හිටපු මුන්නැහේට අත්පත් වුණේ ජයග්‍රහණය නෙවෙයි. ඒ වෙනුවට වෙනත් පොරකටයි චාන්ස් එක හම්බවුණේ....

කොහොම හරි ඒ නිසා දැන් හැමදෙයක් ගැනම කලකිරිල ඉන්න මේ තරැණ නායකයා දේශපාලනේ අත්ඇරලා කඩයක් දාන්න යනවයි කියලයි ආරංචි...

කඩයක් කිරීම දේශපාලනේට වඩා හොඳ වැඩක් කියලලු දැන් උන්නැහේ කියන්නෙ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00