2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

අකුරු තුනෙන් ආ ඌවෙ හූව

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 804

ඡන්ද වේදිකාවල මේ දවස්වල මනාපෙ ලබාගන්න සමහරු අඬන්නත් පටන් අරන්... ඒ වගේම සමහර තැන්වල යහපාලන ආණ්ඩුවට මුක්කු ගහලා ආයෙම මහින්ද උන්නැහේ ළඟට ආපු උදවියට හූ සංග්‍රහ දෙන්නත් කස්ටියක් සැට්වෙලා ඉන්නවා...

ආණ්ඩුවෙ පොහොට්ටු වේදිකාවට ගොඩවුණු අත පාටියෙ අයට හූ කියන එක තැන් ගණනාවකින් වාර්තා වුණත් පොහොට්ටුවෙ වේදිකාවෙ කතා කරන අයට අත පාටියෙ කස්ටිය හූ කියනවා කිව්වම ඒකෙ පොඩි නිවුස් එකක් තියෙනවා...

මේක සිද්ධවුණේ ඊයෙ පෙරේදා ඌව පළාතෙලු... ජනහමුව තිබුණේ රටේ දෙවැනි මහත්තයගෙ ප්‍රධානත්වයෙන්...

උන්නැහේ එන්න කලින් කතා කර කර හිටියෙ මැතිසබේ හිටපු කතාවට නායකයෙක් වුණු ඒ පළාතෙ හිටපු මැති ඇමැති සයිස් ජ්‍යෙෂ්ඨ උන්නැහේ කෙනෙක්... එයාගෙ පවුලෙ කෙනෙක් මෙවර ඡන්දෙට ඇවිල්ලත් ඉන්නවා... ඉතින් මේ කතාව යද්දි එකපාරට හූ හඬක් ආව... කථිකයටත් ඒ බාධාවට කේන්ති ගියා. උන්නැහේ හූ කියන අයට ලොකු සද්දයක් දැම්ම... ඒ හුටපටේ යද්දි රටේ දෙවැනි මහත්තයා ආවම වැඩේ සන්සුන් වුණා...

ඒත් පස්සෙ උත්සවේ සංවිධායකයෙක් ආරක්ෂක කස්ටියටත් තමුන්ගෙ රුස්වීමෙ මෙහෙම හූ කිව්වෙ කවුද කියලා සොයලා බැලුවා. එතකොටයි දැනගත්තෙ මේක කළේ අත පාටියෙ ඉන්න පළාතෙ බලවතෙක් බව. උන්නැහේගේ ගෝලයො පිරිසක් උත්සව සභාවට ඇවිත් මේ අවුල ඇතිකළ බවත් සොයාගත්තා...

කොහොමහරි හූව කාපු අය මේක ඉහළට පැමිණිලි කළේ අපි හදාගත්ත කූඩුවට එක එක කවුඩන්ට රිංගන්න දෙන්න එපා කියමින්. ඒ වගේම මේ වැඩේ කළාය කියන අකුරැ තුනක නමක් තියෙන, අකුරැ තුනක නාමයකුත් තියෙන දේශපාලකයකු ගැනත් එතෙන්දි ගතු කිව්වා.

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00