2020 ජුනි 20 වන සෙනසුරාදා

කොටහලු මඟුලට ගුවනින් මල්

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1104

පසුගියදා පොලීසිය සමඟ ගැටුමක් ඇතිකරගත් පාතාල ලොක්කෙක් පොලිස් ප්‍රහාරයකින් මරණයට පත්වුණා. මිනිහා මොරටු පැත්තෙ හෝටලේකට දාපු පෝරියල් එකටත් සම්බන්ධ පාතාලේ ඉහළම පොරක් බවයි ආරංචි.

කොහොමහරි එයා මළාට පස්සේ අවසාන කටයුතු කරන්න නෑහිතවතුන්ට අවසරය ලැබුණා. ඒ කටයුතු කරන්න නියමිත වුණේ ගල්කිස්ස රත්මලානෙ පැත්තෙලු.. කොහොම නමුත් මේ අවසාන කටයුතු කෙරෙන දවසේ අවමංගල උත්සවය කෙරෙනකොට විශේෂ හෙලිකොප්ටර යානයකින් මේ තැනැත්තාට ගෞරව පිණිස මල් ඉහින්න එයාගෙ හිතවතුන් වැඩක් සැට් කළා... ඒ සඳහා පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකුත් කුලියට ගන්න කටයුතු යෙදුවා...

ප්‍රශ්නය වුණේ මේ වැඩේට ගුවන් හමුදාවෙන් අවසර ගැනීමයි... ඇත්ත හේතුව කියලා අවසරය ඉල්ලුවොත් ඒක නොලැබෙන බවත් පොලිස් වෙඩි පහරකින් මියගිය අයට මල් දාන්න ඉඩ නොදෙන බවත් දැනගත්ත හිතවත්තු මළගෙදර ළඟ ගෙදරක දැරියක් වැඩිවියට පත්වීම නිමිත්තෙන් තිබුණු කොටහලු මඟුල් උත්සව නිවෙසකට මල් දාන්න කියල රජයෙන් අවසරය ඉල්ලුවා...

සාමාන්‍යයෙන් කොටහලු මඟුල් ගෙවල්වලට මල් දාන්නෙ නැති නිසා මේ ගැන අවසරය ඉල්ලුවම වගකිවයුතු අංශ කාරණා කාරණා හොයලා බැලුවා... එතකොටයි මඟුල් ගෙදරට මල් දාන මුවාවෙන් මළගෙදරට මල් දාන්න කරපු සැලසුම එළියට පැන්නෙ...

කොහොමහරි වැඩේ තහනම් කරපු පොලීසිය මේකට අනුබල දුන්න උදවිය ගැනත් දැන් ලොකු විමර්ශනයක් කරන බවයි ආරංචි...

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00