2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ජාතික දැල්පන්දු පුහුණුකාරිනි පත්කිරීමේ අවුල ලිහෙයි

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

ශ‍්‍රී ලංකා ජාතික දැල්පන්දු පුහුණුකාරිය පත්කිරීම සම්බන්ධයෙන් ඇතිවී තිබූ ව්‍යාකූල තත්ත්වය අවසන් කරමින් පසුගිය සතියේ එම තනතුර බෲනායි රාජ්‍යයේ වසර හතක් දැල්පන්දු පුහුණුකාරිය ලෙස කටයුතු කළ තිලකා ජිනදාස මහත්මියට නිල වශයෙන් ලබාදී තිබුණි. ජිනදාස මහත්මිය පුහුණුකාරිනිය තනතුරේ වැඩ බාරගැනීම සඳහා ලබන ජනවාරි මස මුල ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ‍්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නිලධාරිනියක් සිය හිතවතියකට පුහුණුකාරිනි තනතුර ලබාදීම සඳහා බලපෑම් කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ක‍්‍රීඩා අමාත්‍යංශය කළ පරීක්‍ෂණය අදාළ නිලධාරිනිය මගහැරීම හේතුවෙන් මෙවර ජාතික දැල්පන්දු පුහුණුකාරිය පත්කිරීම වඩාත් කථාබහට ලක්විය.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා දැල්පන්දු සංගමයේ ලේකම් ජයන්ති සෝමසේකර මහත්මිය පසුගිය සතියේ ජිනදාස මහත්මිය පුහුණුකාරී තනතුරට පත්කර ඇති බව නිලවශයෙන් ඇයට දැනුම්දී තිබුණි.

වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00