2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

කැබිනට් නොවන - රාජ්‍ය - නියෝජ්‍ය ඇමැතිවරු දිව්රුම් දෙති

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

දේශපාලන වාර්තාකරු I

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ තවත් කැබිනට් නොවන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ පසුගිය සිකුරාදා(21) රාත්‍රියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව අජිත් පී. පෙරේරා ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ, ආචාර්ය හර්ෂද සිල්වා පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ යන කැබිනට් නොවන අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන්හ.

එසේම රුවන් විජයවර්ධන රාජ්‍ය ආරක්ෂක, රන්ජන් රාමනායක මහාමාර්ග සහ මාර්ග සංවර්ධන, ජේ. සී. අලවතුවල අභ්‍යන්තර කටයුතු සහ පළාත් සභා, ඉරාන් වික්‍රමරත්න මුදල්, විජයකලා මහේෂ්වරන් අධ්‍යාපන, අශෝක් අබේසිංහ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා, අලි සහීර් මවුලානා සමාජ සවිබල ගැන්වීම්, නිරෝෂන් පෙරේරා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික  වශයෙන් රාජ්‍ය අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන්හ.

බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ කටයුතු, නලින් බණ්ඩාර ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු යන නියෝජ්‍ය අමාත්‍ය පදවි ලැබූහ.

ඒ අතර එදින දහවල් අමාත්‍යංශ ලේකම්වරැ 32ක්ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූහ.