2018 ජනවාරි 06 වන සෙනසුරාදා

වරදට දඬුවමයි ඕන - සුනිල් හඳුන්නෙත්ති (බැඳුම්කර කොමිෂන් වාර්තාව)

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ බැඳුම්කර වාර්තාවටත් වඩා අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

මෙම බැඳුම්කර කොමිසමේ වාර්තාව එදා කෝප් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවට වඩා විස්තරාත්මකව ඉදිරිපත් කර ඇති බවත් එය රටට පැවසීම ගැන ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතෙක් මඟබලා සිටින බවද මන්ත්‍රීවරයා කීය.