2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

නව ව්‍යවස්ථා කෙටුම්පත හය මාසෙකින්

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

I දේශපාලන වාර්තාකරු

මේ වන විට කෙටුම්පත් කිරීම ආරම්භ කර තිබෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපත මාස හයක කාලයක් තුළ නිමකොට තමා වෙත ලැබීමට සලස්වන්නැයි ජනාධිපතිවරයා ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවට දැනුම් දී තිබේ.

එලෙස ලැබෙන කෙටුම්පත ධවල පත්‍රිකාවක් ලෙස දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කොට තවත් මාස හයක කාලයක් එය සංවාදයට ලක් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි. මෙම සංවාදය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට මෙන්ම ඒ ගැන උනන්දුවක් දක්වන බාහිර පාර්ශ්වවලට ද ආරාධනා කෙරේ.

නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කමිටු කාර්යාලය දැනට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා ඇත. එම කමිටුව අලුත් ව්‍යවස්ථාව සඳහා දැනටමත් රටේ මහජනතාවගෙන් යෝජනා කැඳවා තිබේ. ව්‍යවස්ථා නීතිය පිළිබඳ ප්‍රවීණයෙක් වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම කමිටුවේ ප්‍රධානත්වය දරයි.