2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

අපේ තීන්දුව ඔක්කොම නම් ආවට පස්සේ - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

සියලුම දේශපාලන පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම් කළ පසු  දෙමළ පක්ෂ තමන් සහය දිය යුතු කණ්ඩායම තීන්දු කරන බව ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසීය.

ඊට පෙර දෙමළ පක්ෂ තම ඉල්ලීම් එකී දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කරන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.
ප්‍රධාන පක්ෂවලින් මෙතෙක් අපේක්ෂකයකු නම් කර ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණ පමණක් බවත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙතෙක් කිසිවකු නම් කර නොමැති අතර බොහෝ විට රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ඉදිරිපත් වීමට අවකාශ ඇති බවත් ඔහු කියා සිටියේය.