2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

අරක්කු සිගරට් - බීර ජනවාරියේ සිට නගී

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 390

I දේශපාලන වාර්තාකරු

අරක්කු, සිගරට්, බීර සහ සන්නිවේදන සේවාවලටත් ඔට්ටු හා සූදු ව්‍යාපාරවලටත් මෝටර් රථ ව්‍යාපාරයටත්  අදාළ වන ලෙස අලුතෙන් භාණ්ඩ හා සේවා බද්ද (ජී.එස්.ටී.) පැනවීමට රජය තීන්දු කර ඇත.

පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවෙහි මෙම බදු යෝජනාව ඇතුළත්ය.

මුදල් අමාත්‍යංශයෙන් මේ ගැන විමසූ කළ එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ නව බද්ද ක්‍රියාත්මක වන්නේ ලබන ජනවාරි මාසයේ සිට බවය. ඒ සඳහා පනවන බදු ප්‍රතිශතයන් කවරේද යන්න තවම තීරණය කර නැතත් එය ඉතා ඉක්මණින් ප්‍රකාශයට පත්කරන්නේ යැයිද එම ප්‍රකාශකයා පැවසීය.

මෙම භාණ්ඩ හා සේවාවලට දැනට බලපවත්වන බදු වර්ග ගණනාවක් වෙනුවට එක් බද්දක් අය කිරීම මෙම සංශෝධනයේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00