2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

කොළඹ වහන තීන්දුවක් නෑ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

හසිත් අංජන l

කොළඹ නාගරික පොලිස් බල ප්‍රදේශය කොවිඩ්-19 රෝගයෙන් බරපතළ අවදානමක් එල්ල වී ඇතත් නගරය සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීමට (වසා දැමීමට) තීන්දුවක් ගෙන නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

එහෙත් බහුලව කොරෝනා රෝගීන් හමුවන පොලිස් බල ප්‍රදේශ විශේෂයෙන් තෝරා එම ප්‍රදේශ වසා දැමීම දැනට සිදුවෙමින් පවතින බව ඔහු කීය.

කොවිඩ් වසංගතය සමාජ ව්‍යාප්තියක් දක්වා ගොස් ඇතැයි ඇතැමුන් පැවසුව ද එය සත්‍යයක් නොවන බව පැවසූ වෛද්‍ය අලුත්ගේ මහතා කියා සිටියේ තවමත් මෙරට තුළ රෝගීන් හමුවන්නේ මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් සහ ඒ ආශ්‍රිතයන්ගෙන් පමණක් බවය.

දැනට රට තුළ දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 8000ක් පමණ සිදු කෙරේ. එය මීට වඩා පුළුල් කිරීමට නොහැකි වී ඇත්තේ අවශ්‍ය රසායනාගාර මෙන්ම ශිල්පීය පහසුකම් හිඟවීම නිසා බවද ඔහු කීය.