2020 මාර්තු 14 වන සෙනසුරාදා

වැලිකඩ හිරගෙදර බැඳුම්කර වාට්ටුවක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 404

I ජයන්ත සමරකෝන්

‍කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ වෙනම බැඳුම්කර සිරමැදිරියක් ඉදිකරන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින 11 දෙනා අතරින් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන එක් සැකකරුවකු දැනට මැගසින් බන්ධනාගාරයේ “ඩී” වාට්ටුවේ රඳවා සිටින අතර එහි පැමිණීමට නියමිත හිටපු ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු සෙසු සැකකරුවන්ට (සී) සිර වාට්ටුව වෙන්කර ඇතැයිද පැවසේ.

ඒ අනුව, මෙම සිර වාට්ටුව ලහි ලහියේ විශේෂ අලුත්වැඩියාවකට ලක්කරන බවද එහි රඳවා සිටි රුඳවියන් 30 දෙනෙකු පමණ වෙනත් සිරවාට්ටුවලට මාරුකර යවා ඇති බවද වාර්තාවේ.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00