2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

සජිත් දිනුවොත් අගමැති රන්ජිත්?

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 616

දේශපාලන වාර්තාකරුΙ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගතහොත් ඔහුගේ අග්‍රාමාත්‍යවරයා ලෙස රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට සැලසුම් කර ඇතැයි සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස පාර්ශ්වය නිල නොවන එකඟතාවකට පත්ව ඇතැයි ද දේශයට ලැබුණු නවතම වාර්තාවක සඳහන්ය. එහෙත් පසුගිය දිනවල මේ තනතුර සඳහා තවත් ජ්‍යෙෂ්ඨයන් ගණනාවකගේ නම් යෝජනා වී තිබිණි. අවසානයේ සජිත් ප්‍රේමදාස මහතා කීවේ තමන්ගේ ආණ්ඩුවේ අගමැතිවරයා තෝරාගන්නේ බහුතර කැමැත්තට අනුව කියාය. කෙසේ හෝ ඉන්පසු එ.ජා.ප. මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ පක්ෂයේ බහුතර කැමැත්ත ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බවය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00