2019 ජුනි 08 වන සෙනසුරාදා

වඩුමඩු වසා දැමීමේ තීන්දුව හකුලා ගන්න - මොරටුව වඩු කර්මාන්ත හිමියෝ

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 151

ව්‍යාපාරික වාර්තාකරු I

දිවයිනේ ලක්ෂ 20ක පමණ ජනතාවක් වඩු කර්මාන්තයෙන් ජීවිකාව කරන නිසා වඩුමඩු වසා දැමීම සඳහා ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණයට තමන්ගේ බලවත් විරෝධය පළකරන බව මොරටුව දැව ආශ්‍රිත කර්මාන්ත කරැවන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. සෝමසිරි මහතා දේශයට පැවසීය.

මෙරට වඩු කර්මාන්තය පාරම්පරිකව සම්ප්‍රදායිකව සියවස් ගණනාවක් තිස්සේ කරගෙන එයි. එය රජයට කිසිදු බරක් නැති ස්වයං රැකියාවකි. මොරටුව ගත්කළ එහි සමස්ත ප්‍රජාවෙන් 70%ක් වඩු කර්මාන්තය ආශ්‍රිතන රැකියාවලින් යැපෙති. පසුගිය කාලයේ ආර්ථිකය අඩාල වීම නිසා දැව කර්මාන්තකරුවන් දැඩි පීඩාවකට පත්ව බැංකු ණයක් පවා ලබාගත නොහැකිව සිටියදී වඩුමඩු වසා දමන්නට ගත් තීරණය ක්‍රියාත්මක කළහොත් සිය ජන ජීවිත සහමුලින් අඩාල වන බව සෝමසිරි මහතා වැඩිදුරටත් කීය. මෙම තීන්දුව හකුලා ගන්නා තෙක් උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට ද තම සංගමය තීන්දු කර ඇතැයි කී හෙතෙම සමස්ත ලංකාව පුරාම වඩු කර්මාන්තයෙන් යැපෙන්නන් ඒකරාශී කරගෙන මෙම විරෝධතා පවත්වන වගද සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00