2017 මාර්තු 18 වන සෙනසුරාදා

ශ්‍රීලන්කන් ගන්න යන කොම්පැනිය වැඩට බසී

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 302


පෞද්ගලිකකරණය සඳහා යෝජිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට පවරාදීමට තෝරාගත් ඇමෙරිකාවේ ටී.පී.ජී. ග_ප් ආයතනය මාස දෙකක් තුළ තමන්ගේ ව්‍යාපෘති යෝජනාව රජයට ඉදිරිපත් කරන බව දැනුම් දී තිබේ.

ඒ සඳහා පූර්ණ අධ්‍යයනයක් කිරීමට ටී.පී.ජී. ග_ප් ආයතනයේ විශේෂ නියෝජිත පිරිසක් මේ මස අවසානයේ කොළඹට පැමිණීමට නියමිතය. එම යෝජනාව මගින් ශ්‍රී ලන්කන් සමාගමේ මූල්‍ය තත්ත්වය සහ මෙහෙයුම් පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කරනු ඇත. අනතුරැව එකි සමාගම ඉදිරිපත් කරන මිල ගණන් සමඟ කොන්දේසි ගණනාවක්ද ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. බංකොළොත් සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රවීණත්වයක් ඇති ටී.පී.ජී. ග_ප් ආයතනයට ශ්‍රී ලංකාවේ යුනියන් බැංකුව ඇතුළු ව්‍යාපාර සමාගම් ගණනාවක හිමිකම ඇත.

| දේශපාලන වාර්තාකරු