2017 ජනවාරි 07 වන සෙනසුරාදා

තොණ්ඩමන්, දේවානන්ද යහපාලනයට ?

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 194

 

ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා සහ ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද මහතා රජයට එක්කර ගැනීමට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා තීන්දු කර ඇතැයි දැනගන්නට තිබේ.

පසුගිය අයවැය විවාදයේදීත් තොණ්ඩමන් මහතාගේ පක්ෂය හා ඊ.පී.ඩී.පී.ය රජයට සහාය පළකරමින් අයවැයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළෝය. ඒ සමඟ ඇතිවූ සුහදතාව ඔස්සේ මෙම සුළුජන නායකයන් දෙදෙනා රජයට බඳවා ගැනීමට තීන්දු වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව අමාත්‍ය මණ්ඩලය තවදුරටත් පුළුල් කිරීමට තිබෙන නීතිමය බාධාව නිසා මේ අය රජයට එක්කර ගැනීම ප්‍රමාද වෙමින් ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

I සංජීවිකා සමරතුංග