2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

මමයි පෙම්බරී හැමදාම....

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 223

සුදු ඔසරි, නළල් පට, මාල හත නැතුවාට,
මොනවාද මගෙ අඩුව මම නුඹට නොගෙනාව,

පෝරු මස්තක බැඳන් මම නුඹගෙ නොවුණාට,
මමයි නුඹගේ පළමු පෙම්බරිය හැමදාම.....

දෙමව්පිය හිතමිතුරු හැමගෙ සිත් නොරිදාම
දරන්නට බැරි තරම් මගේ හිත රිදවාන
උහුලන්න බැරි තරම් කඳුළු මම දරාගෙන
ගතින් වෙනතක ආමි සිත තාම නුඹේ ළග....

එකම් යහනක දෙපස අපි ඔහේ නිදනවා
නුඹත් නිදි නැතිව ඇති මගේ හිත කියනවා
ඔහුගෙ තුරුලේ වුණත් නුඹේ සුව සොයනවා
ඔයා ගතු කියූ හැටි තවත් මට ඇහෙනවා....

කොහෙද මට හයියක් කරන්නට අරගලේ
හඬන්නට නම් තවත් කඳුළු ඇත ඇස් දෙකේ
“දියවෙන්නෙ ඇයි ගැහැනු ලෝකයක් ළඟ මෙසේ"
නුඹේ වචනයි අඬන අයිතියත් නැති කළේ....

කවිකාරී

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00