2022 ජනවාරි 01 වන සෙනසුරාදා

ආණ්ඩුවේ අලුත් ගමන

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 215

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අලුත් අවුරුද්ද උදාවුණේ අලුත් ලේකම්වරයකු සමඟිනි. පී.බී. ජයසුන්දරගේ ලේකම් ධුරය පසුගිය මාස කිහිපය තුළදීම තිබුණේ විවාදයට ලක්වෙමිනි. ඔහුගේ ලේකම් ධුරය වෙනස් නොකරන බව ජනාධිපතිවරයා කෙළින්ම නොකිව්වත් ඔහු දිගටම පී.බී.ගේ ලේකම් ධුරය ආරක්ෂා වන බවට වගබලාගෙන තිබුණි. එහෙත් අවසානයේ පී.බී. එම ධුරයෙන් යවන මෙහෙයුමේ සිටි පිරිසගේ උත්සාහය ඵල දරා තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා අලුත් අවුරුද්දේ වැඩ අරඹන්නේ අලුත් ලේකම්වරයකුගේ සහාය ඇතිවය. එම ලේකම්වරයා බවට සඳහන් වන ගාමිණී සේදර සෙනරත්ද රාජපක්ෂ පාලන යුගවල කැපි පෙනුණු, දක්ෂ, කාර්යක්ෂම නිලධාරියෙක් වශයෙන් නම් දරා සිටියේය. ඔහු රාජපක්ෂ සහෝදරයන්ට හිතවත්ව කටයුතු කරන ඔවුන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා සිටි නිලධාරියකු වශයෙන්ද ප්‍රසිද්ධය.

ජනාධිපතිවරයා මෙසේ අලුත් වෙනසක් සමඟ වැඩ ඇරඹුවත් ඔහු ඉදිරියේ ඇත්තේ බරපතළ ගැටලු ගණනාවකි. ඒ සියලු ගැටලුවල පියා වශයෙන් දැක්වෙන්නේ ආර්ථික ගැටලුවය. වත්මන් ජනපති පාලනයේ ඇතිවූ ආර්ථික ගැටලුවලට ඊට පෙර පැවැති ආණ්ඩුවල වගකීමක්ද තිබුණත් ජනතාවට එය අදාළ නැත. මේ රජයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිලාභ නොලැබෙන්නේ නම් ජනතාව දොස් දකින්නේ වර්තමාන රජයේ පාලනයේය. ඔවුන් බණින්නේ මේ ආණ්ඩුවටය. 

ඒ බැණුම්වලින් බොහොමයක් පී.බී. කෙරෙහිද එල්ල වුණේය. ඔහු විසින් ගත් ඇතැම් දැඩි තීන්දු රටේ ආර්ථිකය මේ තරමට පිරිහීමට හේතු වූ බවත් විශේෂයෙන් රටේ සංචිතය රුකගැනීමට සියලු ආනයනවලට දැඩි ලෙස සීමා පැනවීම් සිදු කිරීමෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබී රටේ ආර්ථිකය තවදුරටත් ව්‍යාකූල වූ බවටත් චෝදනා නැගුණි. අවසානයේ රටේ සංචිතය තවදුරටත් හිඳී ගොස් වරායේ බඩු කන්ටේනර් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් ටික පවා නැති වූ බවටත් බොහෝ පිරිසක් දැඩි විවේචන එල්ල කළහ.

එසේ වුවද තවත් පිරිසක් පවසන්නේ පී.බී.ගේ ප්‍රතිපත්ති නොවන්න රට කොවිඩ් වසංගතය හමුවේ මීට වඩා විනාශයකට ලක්වීමට ඉඩ තිබූ බවය. ඔහු ගත් තීරණ හේතුවෙන් කොවිඩ් වසංගතය හමුවේ ඇති වූ බරපතළ ආර්ථික කඩාවැටීම් යම්තාක් දුරකට සීමාකර ගත හැකි වී බවත් කාගේත් පැසසුමට ලක්වූ එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමටද එම තීරණ හේතු වූ බවත් සමහරුන්ගේ මතය විය.

මේ කොහොම බැලුවත් පී.බී. පුටුවෙන් තල්ලු කිරීමේ වෑයම පසුපස ගෝඨාභය මහතා ජනාධිපති කරවීමටත් පොහොට්ටුවට තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබාදීමටත් ක්‍රියාකාරීව වැඩකළ මුදල් වියදම් කළ බලවත් පිරිසක් සිටි බවද රහසක් නොවේ. මේ ඇතැමුන් පී.බී. දැන් යා යුතු යැයි සටහන් තැබුවේ කාලයකට පෙරදීය. පී.බී.ගේ ඉවත්වීම එම බලපෑම් හේතුවෙන්ම සිදුවීදැයි කිව නොහැකි වුවත් ජනාධිපතිවරයාගේ ලේකම් ඉවත් කිරීමට බලවත් වෙහෙසක් ගෙන ක්‍රියාකළ පිරිසක් සිටීම අනාගතයේදී වුවද රජයට ලොකු ගැටලු ඇති කිරීමට හේතුවනු ඇත. කොහොමත් වත්මන් රජය යටතේ ජනාධිපති ලේකම්ට පමණක් නොව අමාත්‍යංශවල ලේකම්ලාටද ලබා ඇති ග්‍රහචාරය නම් හොඳ නැත. කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහට අත්වූ ඉරණමක් ඉන්පසුව ඔහු මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්වලට අනුවත් ලේකම්වරුන්ට ලබා ඇත්තේ හොඳ කලදසාවක් නොවන බව නම් පැහැදිලිය.

මේ පසුබිම මැද ආණ්ඩුවට ඉදිරියට යාමට සිදුව ඇත්තේ බරපතළ ආර්ථික ගැටලු ගණනාවක් මැදිනි. මාස 06ක් තුළදී දෙවරක්ම විශාල අගයකින් තෙල් මිල වැඩිවීමත් ඊට සාපේක්ෂව සෙසු භාණ්ඩ සහ සේවාද මිල ගණන් ඉහළ යාමත් රටේ ජනතාවට දැරිය නොහැකි පීඩනයක් එල්ල කර තිබේ. ඒ සමඟම බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය නිසා එදිනෙදා ජන ජීවිතයද අවුල් වෙමින් තිබේ. ඇතැම් පුද්ගලයන්ට සිදුව තිබෙන්නේ කාර්යාලයට හෝ තමන්ගේ රුකියාවට හෝ යාම පැත්තක තබා ගෑස්, කිරිපිටි, භූමිතෙල් පෝලිම්වල රුඳී සිටීමටය. බොහෝ වේලාවක් මේ පෝලිම්වල රස්තියාදු වීමට සිදුවීම හේතුවෙන් ඒවායේ සිටින ජනතාව සිටින්නේ දැඩි කේන්තියකිනි. මේ කේන්තිය ඇතැම් අවස්ථාවලදී පුපුරා යයි. මේ පුපුරා යාම් &වොයිස් කට්* හරහා බලාගත හැකිය. නමුත් මැති ඇමැතිලා නම් &වොයිස් කට්* ලබාදීම සීමාකර ඇති බවක්ද පෙනී යයි. ඉදිරියේදී එය තවදුරටත් සීමාවනු ඇතිද නැතහොත් මහජනතාව ඉදිරියට පැමිණ යළිත් &වොයිස් කට්* ලබාදීම් අරඹයිද කියා කීම අමාරුය.
මේ තත්ත්වයෙන් ගොඩඒමට ආණ්ඩුව ඉලක්ක කරගෙන ඇත්තේ ඔවුන්ගේම කලින් වචනවලින් කියනවා නම් රටේ සම්පත් විකුණා දැමීමය.

යහපාලන ආණ්ඩුව තිබියදී විපක්ෂයේ සිටි &දේශප්‍රේමීන්ට* රටේ මහානුභාව සම්පතක් වූ ත්‍රි^මලේ තෙල් ටැංකි සමූහය මේ ආණ්ඩුව යටතේ ඉන්දියාව සමඟ &හවුල් සමාගමක්* යටතේ පාලනයට ගිවිසුම් සකස් කර තිබේ. මේ තෙල් ටැංකි සමූහය ඉන්දියාව සමඟ හවුලේ බෙදාගැනීමට මුලින්ම අතගැසුවේ 2001 දී බලයට පත් යූ.එන්.පී. ප්‍රමුඛ එජා පෙරමුණු ආණ්ඩුවය. අයි.ඕ.සී. සමාගම ශ්‍රී ලංකාවට පැමිණීම සිදුවූයේද රටපුරාම ඉන්ධන පිරවුම්හල් නවීකරණය වූයේද එම ගිවිසුම අනුවය. ඉන්පසුව දිගින් දිගටම ත්‍රිමලේ තෙල් ටැංකි ජාතික සම්පතක් බවටත් ඒවා පිටරටට විකිණීමට කවදාවත් ඉඩක් නොදෙන බවටත් පාරම් බෑ &දේශප්‍රේමී* දේශපාලනඥයෝ එය තම වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත්කරගෙන රටේ ජනතාව හමුවේ වීරයෝ වූහ

අද ඒ වීරයන්ම තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම අලුත්කර ඒවා සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ සංවර්ධන හවුල් ව්‍යාපාරයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබේ. එසේම යුගදනවි බලාගාරයේ 40෴ක කොටස් රහසිගත ගිවිසුමක් හරහා අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට බදු දී තිබේ. මෙවැනි ගිවිසුමක් ඒ කාලයේ සිදුවී නම් එය රට පාවා දෙන, රට කෑලිවලට කඩන, රටේ සම්පත් විකුණන ගිවිසුමක් හැටියට හඳුන්වා දී රටේ ජනතාව කුලප්පු කරවන බව පැහැදිලිය. හම්බන්තොට වරාය චීනයට වසර 99 බද්දට පවරා දුන් අවස්ථාව එයට හොඳ උදාහරණයකි.

එය කඳුළු ගෑස් ගසා ජනතාව පලවා හැරීමට සිදුවූ මහා උද්ඝෝෂණයකට මග පෑදුවේය. එහෙත් තමන් බලයට පත්වීමෙන් පසුව එම වරාය ආපසු ලබාගන්නා බවට දුන් පොරොන්දුව වත්මන් රජය පහසුවෙන්ම අමතක කළේය. එසේ අමතක කළේ දේශප්‍රේමී වීම තුළින් පමණක් රටේ ආර්ථික ප්‍රශ්න විසඳාගත නොහැකි බවත් ලෝකයේ සෙසු රටවල් සමඟ එකතු වී රටට ආයෝජන ලබාගෙන ආර්ථික දියුණුව ලබාගත යුතු බවත් වත්මන් රජයද හොඳින්ම දැන සිටි බැවිනි. වෙනත් රජයක් සිටින විට සෑම ආයෝජනයක්ම රටේ සම්පත් විකිණීමක් හැටියට රටට කෑගසා කිව් වත්මන් ආණ්ඩුවට අද සිදුවී ඇත්තේ එම පහනින්ම ආලෝකය බැලීම පමණි. යුගදනවි ගිවිසුම සහ ත්‍රි^මලේ තෙල් ටැංකි ගිවිසුම පෙන්වා දෙන යථාර්ථය එයයි.

ආර්ථිකයේ මේ යථාර්ථයන් හඳුනාගන්නා තුරු රටට ගොඩයාමක් නැති බව මේ ආණ්ඩුවේද දේශපාලනඥයන් නොදන්නවා නොවේ. එහෙත් ඔවුන් රටේ ජනතාවට ඇත්ත කියන්නේ නැත. ඒ වෙනුවට සිදුකරන්නේ රහසිගතව ගිවිසුම් ගසා ආයෝජන ගෙන්වා ගැනීමය. මේ වැරුද්ද පසුගිය යහපාලන ආණ්ඩුවද කළේය. මේ ආණ්ඩුවද කරමින් සිටින්නේ එම දේමය. ඒ වෙනුවට රට දියුණු කිරීමට නම් ඍජු විදෙස් ආයෝජන ගෙන ආ යුතු බවටද ඒ සඳහා විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට සුදුසු දේශපාලන වාතාවරණයක් බිහිකර ගතයුතු බවටද රට තුළ ප්‍රබල ජනමතයක් ඇතිකළ යුතුය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂද එකතු විය යුතුය. විදෙස් ආයෝජන සම්බන්ධයෙන් ප්‍රතිපත්ති දෙකක් තිබිය යුතු නැත. එවැනි විටෙක ආයෝජකයන් එන්නේ නැත.

රටේ විදෙස් සංචිතය ඉහළට ගෙන ඩොලර් ආදායම වැඩිකර ගැනීම සෙසු රටවලින් ලබාගන්නා ණය සහ හුවමාරු මගින් සිදුකළ හැකි යැයි රජය පවසන්නේ නම් එය සත්‍යයක් නොවේ. ලබාගන්නා සියලු ණය සහ හුවමාරු මුදල් සඳහා දැන් අපේ රට වැඩිපුර පොලියක්ද ගෙවිය යුතු බැවිනි. අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව බිංදුවටම ඇද දමා තිබීම හේතුවෙන් එසේ වැඩිපොලියට හෝ ණය ගැනීම ඉදිරියේදී තවත් අපහසු වනු ඇත. ඒ පිළිබඳ එම ආයතනවලට දොස් පැවරීමෙන් පළක් වන්නේද නැත.

මේ රටේ ඩොලර් ආදායම වැඩිවී සංචිතය ශක්තිමත් වීමට නම් අඩුම තරමින් සංචාරක ව්‍යාපාරය වාර්ෂික ආදායම ඩොලර් බිලියන 05ක මට්ටමටවත් වැඩිවී එතෙර රුකියා ලාභීන්ගෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණයද කොවිඩ් වසංගතයට කලින් තිබූ මට්ටමට වැඩිවිය යුතුය. නමුත් මේ දෙකම මේ වසර තුළදී සිදුවනු ඇතැයි සිතීම අනුවණ කමකි. රජයේ බලධාරීන් කුමක් කීවත් එය සිදු නොවන බව ජනතාව දැන සිටිති. මේ නිසා අවශ්‍ය වන්නේ ජනතාවට බොරු නොකියා පටු කයිවාරු දේශපාලනයෙන් ඈත් වී රටට සැබෑ ලෙස අවශ්‍ය තීන්දු ගැනීමය. ඒ සඳහා මුලින්ම කළ යුත්තේ දේශපාලනඥයන් විසින් හොර රහසේ අත්සන් කරන ගිවිසුම් වෙනුවට සැබෑ ආයෝජන ගිවිසුම් ඇතිකර ගැනීමය. හොර ගිවිසුම් යට කොමිස් ගැසීම් ඉහළ බව නොදන්නා කෙනෙකු නැත.

මේ රටට ආයෝජන නොපැමිණීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඉහ වහා ගිය දූෂණයයි. එකී දූෂණ සහ වංචාද රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. දේශපාලනඥයන් පොහොසත් වී රට දුප්පත් වීමේ රහස ඇත්තේ එතැනය.
ජනාධිපතිවරයා අලුත් ලේකම්ද සමඟ මේ ගැටලු විසඳා ගැනීමට පාර සොයාගත්තොත් රටත් ගොඩය. ආණ්ඩුවත් ගොඩය. එහෙම නොවී දිගටම මෙහෙම ගියොත් පී.බී. ජයසුන්දර මහත්තයා තමන් ලේකම් කමින් ඉවත් කළ පුද්ගලයන්ට ස්තූතිය පළකරන බවට කතා දෙකක් නැත.

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00