2025 ජුලි 05 වන සෙනසුරාදා

ඇයි බං BTS ලට මෙච්චර ආදරේ!

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 23

මේ ආතල් ලෝකයේ Update වෙන අය අතර BTS කියන අකුරු තුන ගැන නොදන්න කෙනෙක් දැන් ඉන්න විදිහක් නෑ. ලෝකයම උමතු කරපු කොරියානු සංගීත කණ්ඩායම BTS ගැන ඔන්න පහුගිය දවස්වල නැවත ලොකු කතාබහක් නිර්මාණය වුණා. සාමාන්‍යයෙන් මචෝ Y Trend එකෙන් ඉඳලා හිටලා අපි මෙයාලා ගැන තොරතුරු කියනවා. මොකද මුළු ලෝකය පුරාම ඉන්න තරුණ තරුණියෝ Trend කරන සෙට් එකක් තමා BTS.

BTS කණ්ඩායම ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ ඉන්නකොට ඒ අය කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට යන්න තීරණය කළා. සුදාලා ගොඩක් දෙනෙක් මේ කතාව දන්නවා. ඊට පස්සේ මේ සංගීත කණ්ඩායමේ වැඩ ටික නතර වුණා. ඒත් අනිවාර්ය හමුදා සේවය නිමා කරලා එක එක්කෙනා එළියට එන්න පටන් ගත්තට පස්සේ BTS Army එක පිස්සු වැටිලා බලාගෙන හිටියේ ආයේ මෙයාලා සීන් එකට එයි කියන බලාපොරොත්තුවෙන්. BTS Army කියන්නෙ මේ කණ්ඩායමේ රසික එකමුතුවට මචෝ.
2023 දී ජින් හමුදාවට ගිය දවසේ ඉඳන් දුක් වුණු BTS Army එකේ හිත් අන්තිමට 2025 ජූනි මාසය වන විට බොහෝ හැදිලා තියෙන බවක් පේනවා. මොකද ඔන්න දැන් හමුදා සේවය නිම කරලා ලොකු අයියලා දෙන්නා විතරක් නෙවෙයි, තවත් සාමාජිකයෝ හතර දෙනෙකුත් ගෙදර ඇවිත්. ජින් ආපු සීන් එක ගැන අපි කලින් ලිව්වා. ඔන්න දැන් J-Hope, RM, V, Jimin සහ Jungkookමල්ලිලාත් හමුදාවෙන් ඇවිත්.

2024 ඔක්තෝබර් 17 වැනිදා J-Hope හමුදා සේවය නිම කරලා නිවසට ආවා. ජින් ආවේ 2024 ජූනි මාසයේ. J-Hope ආපු දවසේ ජින් ලොකු අයියා J-Hope ව පිළිගන්න ගියා වගේම කොරියානු මාධ්‍ය, ලෝක මාධ්‍ය එක්කම BTS Army එකේ අය මේ සීන් එක කවර් කරන්න කටයුතු කළා. BTS Army එකේ අය විශේෂයෙන්ම සීන් එක පිස්සුවෙන් වගේ සමරනවා අපි දැක්කා.

ඒත් හැමෝම දින ගැන ගැන හිටියේ ඉතුරු සාමාජිකයන් සේවය නිම කරලා පැමිණෙන දිනය ගැන. ඔන්න මචෝ පහුගිය දා තවත් සාමාජිකයෝ කිහිප දෙනෙක් එළියට ආවා. ඉතින් J-Hope ගෙන් පසුව 2025 ජූනි 10 වැනිදා RM සහ V දෙදෙනා හමුදා සේවයෙන් නිදහස් වුණා. ඔවුන් දෙදෙනාම 2023 දෙසැම්බර් මාසයේදී එකට හමුදාවට ගිය අය. RM හමුදා සංගීත කණ්ඩායමේ සේවය කළා. V මිලිටරි පොලිසියේ විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජිකයෙක් ලෙස සේවය කළා. නැවත පැමිණීමත් සමඟම විශාල රසික ප්‍රතිචාරයක් මෙයාලටත් ලැබුණා.

RM තම සේවය අවසන් කළ බව Instagram හි පළ කළ අතර, V ඔහුගේ හමුදා නිල ඇඳුමෙන් ඡායාරූප බෙදා ගත්තා. RM සක්සෝෆෝනය වාදනය කරමින් ආපසු පැමිණි අතර, V මල් කළඹක් රැගෙන සිටියා. ඒක වෙනම ආතල් එක් වුණා මචෝ. BTS Army එකේ විශාල පිරිසක් මෙයාලව පිළිගන්න ඇවිල්ලා හිටියා. මේ අය වෙනුවෙන් ලොකු ආරක්ෂාවක් දෙන්නත් බලධාරීන් කටයුතු කළා.

RM සහ V ට ආවට පස්සේ දවස් දෙකක් යද්දි Jimin සහ Jungkook දෙදෙනාත් හමුදා සේවයෙන් නිදහස් වුණා. ඔවුන් දෙදෙනාත් 2023 දෙසැම්බර් මාසයේදී එකට හමුදාවට බැඳුණු අය. මේ දෙදෙනා වෙනුවෙනුත් උත්සවයක් සංවිධානය වෙලා තිබුණා. ඔවුන්ටත් මල් ඇතුළු විවිධ තෑගි බෝග ලැබෙනවා දැකගන්න පුළුවන් වුණා. මෙයාලා නම් කිව්වේ හමුදා සේවය කොහොමටවත්ම පහසු නෑ, සෙබළුන් ගොඩක් දුක් විඳිනවා. ඒ නිසා සෙබළුන්ට ආදරෙන් කතා කරන්න කියලා. මේ අතර එක්කෙනෙක් නම් මාස 18 කට පස්සේ කැමරාවට මුහුණදීම සම්බන්ධව ටිකක් ලැජ්ජා වෙලා හිටපු බව පේන්න තිබුණා.

ඉතින් මචෝ මෙයාලා පැමිණීමත් සමඟම BTS සාමාජිකයන් හය දෙනෙක් දැන් හමුදා සේවය අවසන් කරලා තියෙනවා. දැන් ඉතුරු BTS සාමාජිකයා වන Suga පමණයි හමුදා සේවයේ ඉන්නේ. ඔහු Public Service Worker කෙනෙක් විදිහට තමන්ගේ හමුදා සේවය ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ සේවය ටිකක් දිගයි සුදෝ. ඔහු 2023 සැප්තැම්බර් 22 වැනිදා Public Service Worker කෙනෙක් විදිහට සේවය පටන් ගත්තා. ඒ නිසා ඔහුගේ සේවය අනිත් අයට වඩා දිගයි. ඒත් දැන් වාර්තා වෙලා තියෙන විදිහට 2025 ජූනි 21 වැනිදා Suga ගේ සේවය නිම වෙනවා.

කොහොම හරි 2025 ජූනි අග වන විට සියලු‍ම BTS සාමාජිකයන්ට හමුදා සේවය නිම කරලා නිදහසේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ 2025 අවසානයේදී BTS හත්දෙනාම එකට වැඩ කරන්න පුළුවන් වෙනවා.

J-Hope හමුදාවෙන් ආවට පස්සේ ඔහු ගොඩක් තැන්වල කිව්වා, BTS ඉක්මනින්ම නැවත එකතු වෙනවා කියලා. “අපි ඉක්මනින්ම එකතු වෙනවා”‍ ඔහු කියලා තිබුණා. RM සහ V ද ඔවුන්ගේ නැවත පැමිණීමෙන් පසුව ප්‍රසංග ඉක්මනින්ම පැවැත්වීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා. මේ තොරතුරු අනුව සියලු‍ සාමාජිකයෝ ආපහු ආවම BTS ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව ආරම්භ වෙයි කියලා මේ සංගීත කණ්ඩායම ගැන උමතුවෙන් ඉන්න රසික රසිකාවියෝ බලාපොරොත්තු වෙනවා.
HYBE සමාගම වගේම BigHit Music සමාගම මේ කාලය තුළ BTS ගේ නැවත එකතු වීම සඳහා සැලසුම් සකස් කරලා තියෙනවලු‍. 2025 අවසානයේ හරි 2026 ආරම්භයේ හරි BTS ගේ නව ඇල්බමයක් නිකුත් කරන්න සැලසුම් තියෙනවා කියලත් ආරංචියි. ඊට අමතරව, ඔවුන්ගේ 12 වැනි සංවත්සරය සැමරීම සඳහා 2025 BTS Festa උත්සවය ජූනි 13-14 දිනවලදී Goyang හි KINTEX හිදී පැවැත්වෙනවා. J-Hope මේ උත්සවයේදී රඟ දැක්වීමට නියමිත බවත් වාර්තා වෙනවා. ඒක නම් මචෝ සිරාවටම පිස්සුවක් වෙන්න නියමිතයි.

BTS හමුදා සේවය නිම කරලා ආපු කාලයේ ගැටලු‍ව කියලා කියන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි ඔවුන්ගේ ජනප්‍රියත්වය කොච්චර කාලයක් පවතිනවාද කියන එක. 2022 සිට 2025 දක්වා මේ කාලය තුළ ලෝකයේ K-Pop කර්මාන්තයට අලු‍ත් කණ්ඩායම් බිහිවෙලා තියෙනවා. NewJeans, IVE, aespa වගේ කණ්ඩායම් ලොකු ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. BTS අභියෝගයක් නැතුව ලෝකයේම අංක එක විදිහට කාලයක් පිළිගත්ත කණ්ඩායමක්. ඒත් මචෝ ඊළඟ අදියරේ මොනවගේ තත්ත්වයක් උද්ගත වේවිද කියන එක හිතාගන්න බෑ.

ඒත් BTS Army එකේ අය නම් කියන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය කිසි දිනක අඩුවෙලා නෑ කියලා. ජින්, J-Hope, RM, V, Jimin සහ Jungkook ආපු දවස්වල ලැබුණු ප්‍රතිචාර බලද්දී BTSගේ ජනප්‍රියත්වය තවමත් උච්චතම මට්ටමේ තියෙනවා කියලා හිතෙන එකේ වරදකුත් නෑ. ලෝකය පුරා රසික රසිකාවියෝ කොරියාවට ඇවිල්ලා තිබුණේ උමතුවෙන් වගේ. එයාලව දැක බලාගන්න එක තමයි ඒ අයගේ හීනය වෙලා තිබුණේ. BTS කියන අකුරු තුන පිටිපස්සේ තියෙන බලය සහ ව්‍යාප්තිය සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බැහැ. ඇත්තටම ඒක මුළු ලෝකයම ආක්‍රමණය කරපු සංගීතමය උමතුවක්.

ඇමෙරිකානු Billboard දර්ශකය, UK අධිකරණ දර්ශකය, ජපාන Oricon දර්ශකය වගේ ලෝකයේ ප්‍රධාන සංගීත දර්ශකවල BTS සාමාජිකයන්ගේ Solo ගීත අදටත් ඉහළ ස්ථානවල තියෙනවා සුදෝ. ගොඩක් ප්‍රධාන සංගීත විචාරකයන් කියන්නේ BTS නැවත එකතුවෙන එක ලෝක සංගීත ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක් වෙයි කියලා.

2025 අග කාලෙකින් BTS හත්දෙනාම එකතු වෙනකොට අපේක්ෂා කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. නව ඇල්බමයක් නිකුත් වීම ඒ අතරින් ප්‍රධානයි. BTS ගේ අන්තිම ඇල්බමය "Proof" 2022 ජූනි මාසයේ නිකුත් වුණේ. ඒ වගේම ලෝක සංචාරයක් අනිවාර්‌යෙන්ම සිද්ධ වේවි. BTS ගේ අන්තිම ලෝක සංචාරය "Permission to Dance" 2022 දී සිදු වුණා. ඉතින් මේ දේවල් එක්ක සංගීත ලෝකයේ වාර්තා ගොඩක් ආයෙමත් කැඩේවි කියලයි BTS Army එකේ අය නම් කියන්නෙ.
BTS හමුදා සේවය අවසන් කරලා නැවත එකතු වීම කොරියාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම වැදගත් සිදුවීමක්. විශේෂයෙන්ම මේ වගේ පිරිසක් අනිවාර්ය හමුදා සේවය මඟ නොහැර සිටීම කොරියානු රජයට ඉතාම වැදගත් සිදුවීමක් වුණා. ඒ වගේම මේ අයගේ ජනප්‍රියත්වයත් කොරියාවට ලොකු ශක්තියක්.

අමතක කරන්න හොඳ නැති තවත් සීන් එකක් තියෙනවා. BTS සංගීතය ඔස්සේ ලෝකයේ මිලියන ගණනක් අයගේ ජීවිතවලට ඔවුන් බලපෑම් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ අය තමන්ගේ ගීත සඳහා යොදා ගන්නා තේමා. ඒවා නූතන සමාජ ප්‍රශ්න සහ මිනිසුන්ගේ නූතන ජීවිත ප්‍රශ්න කරන්න සමත්. සරලවම කිව්වොත් මල් සින්දු නෙවෙයි මෙයාලා කියන්නෙ.

ඊළඟට මේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්නේ Suga. ඒ චරිතෙත් බොහොම විශේෂ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත චරිතයක්. Suga ආවම BTS Army එකේ අයට ගොඩක් කාලයක් බලාගෙන හිටපු ආශාව ඉටු වෙනවා මචෝ. ඒ වගේම ලෝක සංගීතයේ අලු‍ත් යුගයක් ආරම්භ වෙනවා.

කොහොම හරි 2025 අවසානයේදී BTS හත්දෙනාම stage එකේ එකට නැගිටලා "We are bulletproof" කියලා කෑගහන දවස ළං වෙනවා. ඔන්න ඒ සීන් එක තමයි ලෝකයේ කෝටි ගණනක් අය බලාගෙන ඉන්න විශාලතම සීන් කෝන් එක.

• චමිඳු නිසල්