2023 ජනවාරි 29 වන ඉරිදා

ලොව පුරා නැගලා යන සංගීත සැණකෙළි

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 42

ඔන්න මචෝ අද අපි කතා කරන්න යන්නේ Music Festivals ගැන. ලෝක මට්ටමින් පට්ට Y Trend  එකක් වෙලා තියෙන Music Festivals ගොඩක් තියෙනවා. ඔය Tomorrowland වගේ නම් සුදාලා අහලා ඇති. ලංකාවේ New Generation සෙටාර් එකක් නම් මේවා ගැන හොඳට දන්නවා.

ඒත් ඉතින් මචෝ මේ සීන් කෝන් ගැන නොදන්න අය තමා අපේ වගේ රටවල වැඩි. ඒ නිසා කාටත් දැනගන්න World Class Music Festivals ගැන අද අපි චුට්ටක් කතා කරමු. ලංකාවේ Tourism වැටිලා තියෙන වෙලාවේ මේ වගේ Topic එකක් ගැන කාටත් තේරුම් ගන්න පුළුවන් විදියෙ Chat ක් දාන එක වටිනවා කියලා අපි හිතුවා.

සාමාන්‍යයෙන් මේ වගේ සීන් එකක් කියන්න යද්දි සුදාලාට මුලින්ම මතක් වෙන්නේ සංගීත සංදර්ශන. නැත්නම් මහ පොළ, ගී මේලා වගේ Events. ඒත් මචෝ අපි සාමාන්‍යයෙන් දකින සංගීත සංදර්ශනවලයි මේ කියන නූතන Music Festival Concept එකෙයි ලොකු වෙනසක් තියෙනවා. 

මේ කතා කරන සීන් එක යන්තම්වත් නොදන්න අයට පැහැදිලි කරන්න නම් පසුගිය කාලයේ ප්‍රසිද්ධ වුණු Facebook Party, DJ Music Party වගේ දේවල් තමා ලංකාව ඇතුළේ පෙන්නන්න තියෙන්නෙ. සුදාලාටද මතක නම් පසුගිය අවුරුද්දේ දවසක Port City එකේ පැවතුණා Road to EMF Colombo කියලා Music Festival එකක්. ඒ ගැන හැම මාධ්‍යයකම ලොකුවට කතා වුණා මතක ඇති.

එතකොට පසුගිය දවසක කොළඹ තිබුණු Heaven’s gate කියන festival එක නිසා ලොකු අලකලංචියකුත් ඇති වුණා. සමහරක් විට සුදාලාට මතකත් ඇති. අන්න ඒ Festival එක තමා ලංකාවේ අයට මේ සීන් කෝන් එක ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන් හොඳම උදාහරණය.

ඒ කොහොම වුණත් ලෝක මට්ටමෙන් නම් Music Festivals එක දවසකින්, රාත්‍රියකින් දෙකකින් ඉවර වෙන්නෙ නෑ. රාත්‍රීන් කිහිපයක්, සමහරක් විට සති අන්ත කිහිපයක්, නැත්නම් සතියක් විතර මේ Festivals පැවැත්වෙනවා මචෝ. Electronic music field එකේ හිනිපෙත්තේ ඉන්න Artist ලා තමා මේවායේ කැපී පෙනෙන්නෙ. 

ඊට අමතරව Rock, Hip-hop වගේ සංගීත සම්ප්‍රදායන් මූලික කර ගත්තු Music festivals තියෙනවා. අපි මේ කතා කරන  Electronic Music මූලික කර ගත්තු Festival වලත් තවත් සංගීත සම්ප්‍රදායන්වලත් ඉදිරිපත් කිරීම් සිද්ධ වෙනවා. ලංකාවෙදි වගේ නම් අපි දැක්කත් දේශීය සංගීත භාණ්ඩ පවා මේවාට යොදා ගන්නවා. ලෝකෙ අනෙක් රටවලත් එහෙමයි.

ලෝකෙ පුරා මේ culture එකට සෙට්වෙලා ඉන්න තරුණ තරුණියෝ ලක්ෂ ගණනින් මේ Festivals වලට සහභාගි වෙනවා. ඒක මචෝ එක්තරා ආකාරයක පට්ට පිස්සුවක්. ලක්ෂ ගණනින් ටිකට් අරගෙන, ලක්ෂ කෝටි ගණනින් ගණනින් වියදම් කරගෙන මේවාට සහභාගි වන ඩයල් ඉන්නවා. 

ලංකාවේ මේ ගැන ටිකක් හරි දන්න අයෙක් අතරේ කියවෙන නමක් තමා Tomorrowland. 2022 මේ Festival එකට ලක්ෂ 6ක විතර පිරිසක් සහභාගි වෙලා තියෙනවා කියලා තමා කියන්නේ. මේක ඇතුළේ Electronic, pop, hip hop, dance, EDM වගේ සංගීත නර්තන සම්ප්‍රදායන් රැසක් අන්තර්ගතයි. ජූලි මාසේ අවසන් සතිඅන්ත තුනේ දී පැවැත්වෙන මේ festival එකට පසුගිය කාලේ ලංකාවේ අයත් ගිහිල්ලා තිබුණා අපි දැක්කා.

ලංකාවේ Party culture එකට සෙට්වෙලා ඉන්න කෙල්ලො කොල්ලන්ගෙ හීනේ තමා දවසක Tomorrowland යන එක. Belgium වල තමා මේ festival එක පැවැත්වෙන්නේ. මේකට ගහන වේදිකාව එහෙම දැක්කම පිස්සු හැදෙනවා. මේ තුළ තියෙන විනෝදය වෙනම level එකක එකක්. මේකට එන ලෝකෙ පුරා රටවල අය තමන්ගෙ ජාතික කොඩි අරගෙන තමා එන්නේ. ඒ කියන්නේ ඒ අයගෙ Life එකේ මේ Festival එකට සහභාගි වීම සුවිශේෂී අවස්ථාවක්.

මේ වගේ තවත් Annual Festival ගොඩක් ලෝකෙ පුරා තියෙනවා. හැම එකක්ම එක වගේ නෑ. ඒවාට විවිධ අනන්‍යතාවන් තියෙනවා. Ultra Music Festival (UMF) කියන්නේ මියාමි වෙරළේ මාර්තු මාසේදී පැවැත්වෙන Music Festival එකක්. Coachella කියන්නේ කොලරාඩෝ කාන්තාර නිම්නයේ පැවැත්වෙන Music and Art Festivals එකක්. ඒකත් වෙනම level එකක වැඩක්.

Glastonbury Festival එක තියෙන්නෙ එංගලන්තෙ. සංගීතයට අමතරව මේක ඇතුළේ විකට රංගන, සර්කස්, නර්තන වගේ තව විනෝදකාමී අංග ගොඩක් තියෙනවා. ඒකත් ටිකක් වෙනස් වැඩක්. එතකොට Lollapalooza කියන්නේ American  annual festival එකක්. ඒක දැන් ලෝකෙ පුරා පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ හතරක විතර පිරිසක් මේකට සහභාගි වෙනවා කියලා තමා කියන්නේ.

මේ Festival ගැන විස්තර හොයාගන්න එක සුදාලාට එච්චර අමාරු වැඩක් නෙවෙයි. මේවා ගැන තොරතුරු ඕනෑ තරම් අන්තර්ජාලෙ තියෙනවා. ඒත් ඉතින් ලංකාවෙ තාමත් අති බහුතරයක් දෙනා මේ වගේ Festivals අනුමත කරන්නේ නම් නෑ. ගොඩක් වෙලාවට මත්ද්‍රව්‍ය සහ සදාචාර සීමාවන් නිසා තමා එහෙම වෙන්නෙ. ඒත් මේ වෙනකොට මුළු ලෝකයම සංස්කෘතික වශයෙන් මේවාට නැඹුරු වෙමින් ඉන්නේ. අපේ රටේත් තරුණ පරම්පරාව එහෙමයි මචෝ.

ලංකාව වගේ සංචාරක පාරාදීසවල මේ වගේ Festival සංවිධානය වෙනවා නම් අපිට අවධානයක් දිනාගන්න පුළුවන් වෙයි. වැඩේ හරියට සෙට් වුණොත් අවුරුද්දකට ලක්ෂ දෙක තුනක් සංචාරකයෝ festival නිසාම ලංකාවට එයි.
ඒ නිසා මේ සීන් කෝන් එක ගැනත් පොඩ්ඩක් flexible විදිහට හිතන්න කියලා අපි අපේ සුදාලාට ආරාධනා කරනවා. මේ වෙද්දිත් මේ සීන් කෝන් එක නග්ගලා ගන්න ලංකාවේ චරිත කිහිපයක් කට්ටක් කන්න බව අපි දන්නවා. ඒ නිසාමයි මේ සීන් කෝන් එක ගැන පොඩියට හරි දැනුමක් හැමෝටම ලබා දෙන්න අද අපි try එකක් දුන්නේ.

I නිසල්