ලාංකීය අධ්‍යාපනට ටියුෂන් බලපා ඇති අයුරු පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සමඟ සංවාදයකට එළඹුණෙමු. ඊට නිමිත්ත වූයේ අධ්‍යාපන වැය ශීර්ෂය පිළිබඳ අයවැය විවාදයේ ඔහු සිදුකළ ප්‍රකාශයි. එහි හරය විමසමින් අප ඔහු සමඟ කළ සංවාද ඇසුරෙන් මෙම ලිපිය සම්පාදනය වේ.
දැන් මේ අතිශය තියුණු තරගයෙන් දරැවන් පාස් කරන්න මරාගෙන මැරෙන යුද්ධයක් කරන්න වෙලා තියෙනවා. තව අවුරුදු දහයක් ගියාම දරැවන්ට මොන විදිහට ටියුෂන් යන්න වෙයිද කියලා හිතාගන්නත් අමාරුයි. විෂය මාලාව කොච්චර සරල වුණත් වැඩක් නෑ. රිංගන්න වෙලා තියෙන්නේ පුංචි ඉදිකටු සිදුරකින්. ඒක තමා ප්‍රශ්නේ...
ලාංකීය අධ්‍යාපන ක්‍රමයේ පිටතින් පෙනෙන්නට ඇති ස්වරෑපය එහි අභ්‍යන්තරයේ නොමැත. අද එය හිස් කෝම්බයක් සම වේ. හොඳ අධ්‍යාපනයක් ඇති පාසල්, රට තුළ ඉතා අවමවීම හේතුවෙන් දෙමාපියෝ දරැවන්ට හැකි උපරිමයෙන් ටියුෂන් ලබාදෙමින් සිටිති. දරුවන්ව කෙසේ හෝ සමතුන් කිරීම ඔවුන්ගේ අරමුණයි. සියල්ල පසුපස වන සැබෑ හේතුව හොඳ පාසල් පද්ධතියක් රටේ විසිරී පැතිරී නොමැති වීමයි.
උසස් පෙළ දරුවන් සම්බන්ධ ගැටලුව ප්‍රධානය. ළමුන් ලක්ෂ දෙකහමාරක් උසස් පෙළ ලියන නමුත් සරසවි වරම් හිමිවන්නේ ළමුන් තිස් දහසකට පමණි. මෙරට දෙමාපියන්ගෙන් සියයට අනූවකට සිය දරුවන්ට පවරා දීමට විශේෂිත දේපලක් නැත. එනිසා ඔවුහු පුළුවන් තරම් ටියුෂන් දී දරුවන් සරසවියට යවන්නට සිහින දකිති. දරැවාට අවුරුදු දහඅටක් වූ පසු තමන්ගේ ව්‍යාපාර භාරදීමට, පොල්වත්ත, තේවත්ත භාරදීමට නොහැකි දෙමව්පියෝ අධ්‍යාපන කඩඉම්වලින් දරුවන් එගොඩ කරන්නට උත්සාහ දරති. එය සාධාරණය. ඔවුන්ට ඇති එකම අවස්ථාව එයයි. ටියුෂන්වල අවශ්‍යතාව නිර්මාණ ඒ මතින් නිර්මාණය වේ. එහෙත් මෙහි අභ්‍යන්තරයේ ඇති අධ්‍යාපන අර්බුදය විග්‍රහ කරගත යුත්තකි.
2003 වසරේදී ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ඉංජිනේරු පීඨය හා වෛද්‍ය පීඨය සම්බන්ධ කරගනිමින් පරීක්ෂණක් පවත්වා තිබේ. ඊට අනුව 2003 වසර වනවිටත් මෙම පීඨවලට පැමිණ සිටි සිසුන්ගෙන් 73%ක් මධ්‍යම පාන්තික පවුල්වල දරැවන්ය. පහළ සාමාන්‍ය පන්තියේ පවුල්වල දරුවන් බොහෝ දෙනෙකුට විශ්වවිද්‍යාලයට එන්නට නොහැකි වී ඇත. ඒ පාසල් අධ්‍යාපනය මේ තරගයට අවශ්‍ය හැකියාව අත්පත් කර ගැනීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙනි. ඒ අනුව එම හැකියාව අත්පත් කර ගැනීමට ටියුෂන් අත්‍යාවශ්‍ය අංගයක් වී ඇති බැව් වඩාත් පැහැදිලි වේ.
වර්තමානයේ ක්‍රමයෙන් ලොකු ටියුෂන්, ගෲප් ටියුෂන් වී ගෘෘප් ටියුෂන්, ටේබල් ටියුෂන් හෝ ඉන්ඩිවිජුවල් ටියුෂන් බවට පරිවර්තනය වී තිබේ. ඒ අනුව මෙරට දෙමාපියන්ගෙන් ධනවත්ම පිරිස අතිවිශාල මුදලක් තම දරුවන්ගේ ටියුෂන් දීම වෙනුවෙන් වැයකරමින් සිටිති. ඉතා මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශකර සිටියේ තම දරුවාගේ ටියුෂන් වෙනුවෙන් මසකට රුපියල් හැටපන්දහසක් වැයකරන බවයි.
අර්ධ රාජ්‍ය ආයතනයක් වන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPM) සිදුකළ සමීක්ෂණකදී හෙළිවූ කරුණු තවදුරටත් මෙරට අධ්‍යාපන විෂමතාව සනාථ කරයි. ඊට අනුව ශ්‍රී ලංකාවේ ධනවත්ම දෙමාපියන් සියයට දහය සැලකූ විට ඔවුන්ගේ දරුවන්ගෙන් සියයට හැටහතක් සරසවි වරම් ලබති. එහෙත් මෙරට ආර්ථික මට්ටමින් පහළම සිටින දෙමාපියන් සියයට දහය සැලකූ විට ඔවුන්ගේ දරුවන්ගෙන් සරසවි වරම් ලබන්නේ සියයට අටක් පමණි. මෙය ඉතා බරපතළ විෂමතාවක් බව බැලූ බැල්මටම අවබෝධ කර ගත හැකිය. තවද උසස් පෙළ රසායන විද්‍යාව සඳහා සිසුවෙක් රැපියල් ලක්ෂයක් දී රසායන විද්‍යා මහාචාර්යවරයකුගෙන් ටියුෂන් ගත් සිදුවීමක් දැනගන්නට ලැබුණි. මේ හරහා ධනවත් පවුල් ඕනෑතරම් වියදම් කොට තම දරුවන් වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට උත්සාහ දරන අයුරු තවදුරටත් පැහැදිලි වේ. කෙසේ නමුත් ඉහත සිදුවීම ලාංකීය අධ්‍යාපන ප්‍රශ්නයේ දී ජනතාව තල්ලුවන තැන කුමක්දැයි පැහැදිලි කිරීමට කදිම උදාහරණයකි.
සියල්ල අතරේ ආණ්ඩුව අධ්‍යාපනය සඳහා වන වියදම් කප්පාදු කරමින් සිටී. දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් අධ්‍යාපන වෙනුවෙන් ලබාදෙන බව පවසමින් වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේය. රාජපක්ෂ යුගය අවසන් වන විට අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.7ක් පමණ වෙන්කරමින් තිබිණි. එයද විශාල ලෙස කප්පාදු කරමින් වෙන්කරන ලද්දකි. නමුත් වර්තමාන ආණ්ඩුව අධ්‍යාපන වෙනුවෙන් වෙන්කර ඇති මුදල් ප්‍රමාණය කොපමණද? එය දළ ජාතික නිෂ්පාදිතයෙන් 2017 වසරේ දී 1.34 කි. 2018 වසරේ දී 1.27 කි. මේ වෙන් වී ඇත්තේ ලංකා ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන් කරන ලද අඩුම ජාතික ප්‍රතිශතයයි.
මෙම තත්ත්වය තුළ පාසල්වලට වෙන්වෙන මුදල අඩුවීමෙන් දෙමාපියන්ට අතින් දරන්නට වන වියදම වැඩිවේ. එවිට පාසල් අතර ඇති පරතරය නිරායාසයෙන්ම වැඩිවනු ඇත. අවසානයේ දෙමාපියන්ගෙන් ආර්ථික මට්ටම අනුව පාසලේ මට්ටම තීරණය වේ. මෙයට හොඳම උදාහරණය නම් කොළඹ, නුවර ජනප්‍රිය පාසල්වල ගුරු හිඟයට විසඳුමක් ලෙස ආදී ශිෂ්‍ය සංගම්, සංවර්ධන සමිති, දෙමාපියන් වැටුප් ගෙවා ගුරුවරු ලබාගැනීමයි. මේ හරහා තව තවත් ටියුෂන්වලට ඇති ඉඩකට වැඩිවේ. අවසානයේ පහළ ආර්ථික තත්ත්වයක් ඇති දරැවන්ට මෙම තරගයෙන් ඉවත්වීමට සිදුවනු ඇත.
මෙම වියවුල හේතුවෙන් අනාගතයේ දරුවන්ට තමන්ව සමාජය රුකබලා ගත්තාය යන හැඟීම නොමැති වී යාමට ඉඩ තිබේ. අප ඉගෙනගෙන ඇත්තේ අපේ දෙමාපියන්ගේ මුදල්වලින් පමණක් නොවේ. අපේ රටේ සියලු දෙමාපියන්ගේ මුදල්වලිනි. එමනිසා නිදහස් අධ්‍යාපන ගැන කතා කරන විට, කන්නන්ගර මහතා ගැන සිහිකරන විට, පෙරළා සමාජය යමක් කළයුතු යන හැඟීම ඇති වේ. එය සමාජ හිතවාදී ආකල්පයකි. නමුත් අද දරුවන්ට ඒ හැඟීම ඇති නොවේ. අද වනවිට හම්බන්තොට, මොනරාගල ප්‍රදේශවල දරුවෝ නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ බෝඩිම්වල නැවතී ටියුෂන් යති. එවන් අධ්‍යාපන රටාවක් තුළ ගොනුවන දරැවන්ට කන්නන්ගර මහතා සිහිවේද? ඔවුන් දන්නේ උසස් පෙළ සමත්වෙන්නට තමන් සහ දෙමාපියන් විඳි දුක පමණි. සමජය පිළිබඳ නරැම ආකල්ප ඔවුන් තුළ ඇතිවන්නට ඇති ඉඩකඩ නම් බොහෝය.
මෙම ගැටලුව ආණ්ඩුවට විසඳිය නොහැකි බරපතල තත්ත්වයක් නොවේ. නිවැරුදිව සැලසුම් කරයි නම් මෙරට ආණ්ඩුවට මෙම ගැටලුවට පිළියම් ලබාදිය හැක. උසස් පෙළ සමතුන්ගෙන් සියයට පනහක් සරසවිවලට ඇතුළත් කරගැනීමට ක්‍රමික සැලසුම් දියත් කරන්නේ නම් ටියුෂන් මේනියාව සහමුලින් නිමාවේ. එය ඇතැම් විට සමාජයේ අමතර කරුණුක් ලෙස ඉතිරි වීමට ඉඩ තිබේ. රජය විසින් තවත් විශ්වවිද්‍යාලය, වෘත්තීය උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීම මෙය ඇති එකම පිළිතුරයි. දරුවන් ටියුෂන් යවන්නට එපා කියමින් දෙමාපියන්ට බණකීම තවදුරටත් ඵලක් නැති ක්‍රියාවකි. මන්ද තම දරැවන්ට ගොඩ ඒමට ඇති එකම මග ටියුෂන් බව ලංකීය දෙමාපියෝ දනිති.
මීට අමතර කිවයුත්තේ තමන් ගන්නා වැටුපට වගකීම් ඉටු නොකරන ගුරුවරුන්ද යම් පිරිසක් සිටින බවයි. ඒ පිරිස කිසිදු දරු කැක්කුමකින්, සමාජමය අරමුණකින් තොරව කටයුතු නොකරති. එමෙන්ම තවත් පිරිසක් දරුවන්ට මෙම කඩයිම්වලින් එගොඩ කිරීමට විශාල කැපවීමක් කරති. දුෂ්කර පළාත්වල එවන් ගුරැවරැ බොහෝය. දරුවන් නිවසට ගෙන්වා ගෙන තම කාලය ශ්‍රමය කැපකර උගන්වන ගුරුවරුද සිටින බව කිවයුත්තකි.
සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා