2023 මාර්තු 05 වන ඉරිදා

අැෙමරිකාෙව් මහ පුටුවට ඉන්දියානුෙවක්?

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 200

එක්සත් ජනපද ජනාධිපතිවරණ සටනට පිවිසීමට මේ වනවිට සැලසුම් කර ඇති රිපබ්ලිකානුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් ඉන්දියානු-ඇමරිකානුවන්ය. ඒ අතර නිකී හේලි හුරුපුරුදු නමක් වන අතර,  අනෙක්  අපේක්ෂක විවේක් රාමස්වාමි එතරම් ප්‍රසිද්ධ නැත. නමුත් දැන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඔහුගේ නමද කියැවේ.

කෝටිපති ව්‍යවසායකයෙකු සහ  කතුවරයකු වන රාමස්වාමි මහතා පෙබරවාරි 21 වැනි දින Fox News වැඩසටහනකට පෙනී සිටීමින්  තම ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළේය.  ඔහු පවසන්නේ  තමන්ට  අවශ්‍ය වන්නේ "විශිෂ්ටත්වය හඹා යාම"  මත පදනම්ව "නව ඇමරිකානු සිහිනයක් නිර්මාණය කිරීම සඳහා සංස්කෘතික ව්‍යාපාරයක්" දියත් කිරීමටයි බවය.

37 හැවිරිදි ඔහු සින්සිනාටිහි උපත ලැබූවේ කේරලයේ සිට අමෙරිකාවට පැමිණි  ඉන්දියානු සංක්‍රමණිකයෙකුට දාවය. ඔහුගේ පියා සාමාන්‍ය විදුලි ඉංජිනේරුවෙකු වූ අතර ඔහුගේ මව මනෝ වෛද්‍යවරියකි. ඔහු Yale සහ Harvard හි අධ්‍යාපනය ලබා ඇති අතර "Woke, Inc.: Inside Corporate America’s Social Justice Scam" නමැති ග්‍රන්ථයේ කතුවරයාය.