2025 මැයි 31 වන සෙනසුරාදා

ඉංජිනේරුවාත් බ්ලැක් මේල් කළ අකීකරු AI!

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 94

නවතම කෘත්‍රිම බුද්ධි (AI) පද්ධතියක් සමඟ කළ පරීක්ෂණයකදී එය අවශ්‍ය නම් කරුණු සැඟවීමට, නොදන්නා සේ ක්‍රියා කිරීමට පමණක් නොව, සිය පැවැත්මට තර්ජනයක් ඇතිවන බව වැටහී යා නම් ඒ සඳහා වගකිව යුතු ඉංජිනේරුවරයා බ්ලැක් මේල් කිරීමට පවා සූදානම් බව අනාවරණ වී තිබේ.

කෘත්‍රිම බුද්ධි (AI) පද්ධති සැලසුම් නිෂ්පාදන සමාගමක් වන ඇන්ත්‍රොපික් පවසන්නේ, එහි නව AI පද්ධතියක් වන ක්ලෝඩ් ඕපස් 4, එය භාවිතයෙන් ඉවත් කර වෙනත් පද්ධතියක් ප්‍රතිස්ථාපනයට සැලසුම් කළ ඉංජිනේරුවාගේ ඊමේල් මගින් හෙළිදරව් කරගත් රහස් පෙම් පළහිලව්වක් ප්‍රකාශයට පත් කරන්නට සූදානම් බව කියමින් ඔවුන් බ්ලැක් මේල් කිරීමට උත්සාහ කිරීම වැනි “අතිශයින් හානිකර ක්‍රියාවක්”‍ පවා අනුගමනය කිරීමේ හැකියාවක් සහිත බව ඔප්පු කළ බවය.

ක්ලෝඩ් ඕපස් 4ලෙස හැඳින්වෙන ඇන්ත්‍රොපික් නව AI පද්ධතිය කේතනය, උසස් තර්කනය සිය අවධානය නැති කර නොගෙන පැය ගණනක් ස්වයංක්‍රීයව වැඩ කිරීමේ හැකියාව මෙන්ම බ්ලැක් මේල් හැකියාවද දරණ බව සනාථ කර තිබේ. නව මාදිලිය OpenAI සහ Google AI සමඟ ඍජුවම තරග කිරීම අරමුණු කර නිපදවූවකි.