2022 නොවැම්බර් 27 වන ඉරිදා

හඳට ළං වූ මිනිස් යානය තවත් ඈතට

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 98

මිනිසා දෙවැනි වරට සඳ මතට ගෙන යාම සඳහා ඇරුඹී ඇති ආර්ටිමීස් වැඩපිළිවෙළේ ආරම්භක මෙහෙයුම වන ආර්ටි‌මීස් 1 මගින් මුදාහැරි ඔරායන් යානය හඳට කිට්ටු කර දැන් එය පසුකර හඳේ අපට නොපෙනෙන පැත්තටද එපිටින් වූ අභ්‍යවකාශය දෙසට ගමන් කරමින් ඇත.

දෙසැම්බර් 17 නැවත මහ පොළොවට එන්නට නියමිත මේ යානය මුළුමනින්ම ස්වයංක්‍රියාකාරී වූ අතර, ඒ තුළ මානවරෑපී රෑකඩ 3ක් පිහිටුවා තිබුණේ අභ්‍යවකාශයේ විවිධ පරිසර තත්ත්වයන් අනාගත චන්ද්‍රගාමීන්ට කෙසේ බලපානු ඇත්දැයි සොයන්නටය. ආර්ටිමිස් 3 මෙහෙයුම මගින් 2025 දී පමණ සඳට නැවත ගොඩබසින්නට නාසා සැලසුම් කර ඇත. මේ වතාවේ සඳට මුල්වරට කාන්තාවක් මෙන්ම මුල්ම කළු ජාතිකයාද පියවර තබනු ඇත.