2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

ISIS නායකයා දිවිතොර කරගනියි

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 100

සිරියාවේ අමෙරිකානු  ප්‍රහාරයකින් ISIS නායකයා මියගොස් ඇත. අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුද මරා දමමින්  තමාම පුපුරුවා ගනිමින් දිවිතොර කරගෙන ඇති බව එක්සත් ජනපද ජනාධිපති  ප්‍රකාශ කළේය.

සිවිල් මරණවලට ISIS නායකයා මත දොස් පැවරූ බයිඩන් එක්සත් ජනපද හමුදා ළඟා වෙත්ම ''මංමුලා සහගත බියගුලු ක්‍රියාවකින්''  ත්‍රස්තනායකයා  තමන්ව  පුපුරුවා ගත් බව  පවසා ඇත. ''ඔහු තෝරා ගත්තේ මරාගෙන මැරෙන කබායකින් නොව, එම තුන්වැනි මහලම  මුළුමණින්ම  පුපුරුවා හැරීමයි - ඔහු කළ අපරාධවලට නිසි යුක්තියට මුහුණ දෙනවා වෙනුවට, ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුද ඔහු සමඟ රුගෙන යාමයි,'' යනුවෙන් බයිඩන් මේ ගැන පැවසීය.

තුර්කි දේශසීමාව ආසන්නයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ඉඩ්ලිබ් පළාතේ ජනාකීර්ණ නගරයක් වන Atmeh හි රුයක් පුරා වැටලීමෙන් කළ මේ මෙහෙයුමෙන් ළමුන් හය දෙනෙකු සහ කාන්තාවන් හතර දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගිය බව මූලික වාර්තා කියයි.

එක්සත් ජනපද විශේෂ බලකාය හිටපු නායක අබුබකර් අල්-බැග්ඩාඩිගේ මරණය තහවුරු කිරීමෙන් පසු, ISIS කල්ලිය 2019 දී අල්-කුරේෂි එහි ප්‍රධානියා ලෙස නම් කළේය. 2020 දී, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යුක්තිය සඳහා වූ ත්‍යාග වැඩසටහන, හජ්ජි අබ්දුල්ලා සහ අමීර් මුහම්මද් සයිද් අබ්දුල්-රහ්මාන් අල්- මව්ලා, ඇතුළු බොහෝ නම් සහ අන්වර්ථවලින් හැඳින්වූ අල්-කුරේෂි හඳුනාගැනීම හෝ ඔහු සිටින ස්ථානය වෙත යොමු කරන තොරතුරු සඳහා ඩොලර් මිලියන 10ක් පිරිනමන බව ප්‍රසිද්ධ කළේය. 

1976දී ඉරාකයේ මොසුල් හි උපත ලැබූ අල්-මව්ලා ISIS හි පූර්වගාමී සංවිධානය වන ඉරාකයේ අල්-කයිඩාවේ ආගමික විශාරදයෙකු වූ අතර ISIS නිලයන් හරහා ක්‍රමානුකූලව නියෝජ්‍ය එමීර්වරයා බවට පත් විය. අල්-කුරේෂි නායකත්ව භූමිකාව භාරගත්තේ, සිරියාවේදී භෞමික වශයෙන් පරාජයට පත්වීමෙන් පසුව, ISIS විශේෂයෙන්ම කම්පනයට පත්ව බොහෝදුරට විසිරුණු අවස්ථාවකය. 

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00