2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා

මලාලා යූසුෆ් නැවත කරළියට!

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 184

ඇෆ්ගනිස්ථාන සරණාගතයන් රටින් පිටුවහල් කිරීම වහාම නවත්වන ලෙස නොබෙල් සාම ත්‍යාගලාභී සමාජ ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ් පාකිස්තාන රජයෙන් ඉල්ලා ඇත. විශේෂයෙන් කාන්තාවන් සහ දැරියන් පාකිස්තානයෙන් පිටුවහල් කිරීම සම්බන්ධව ඇය දැඩි කනස්සල්ලට පත් වී සිටී. බලහත්කාරයෙන් රටින් පිටුවහල් කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

මලාලා යූසුෆ්ගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද මලාලා පදනම මගින් නිකුත් කළ නිවේදනයකින් ඇය මේ බව පාකිස්තාන රජයට ප්‍රකාශ කර ඇත. ඒ අනුව වසර ගණනාවක් පුරා පාකිස්තානයේ පදිංචිව සිටින ඇෆ්ගනිස්ථාන සරණාගතයන් බලහත්කාරයෙන් ඉවත් කිරීම වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙසත්, තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථාන කාන්තාවන් සහ දැරියන් මුහුණදෙන දැඩි තහංචි සහ හිංසන සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එම පියවර ගන්නා ලෙසත් මලාලා යූසුෆ් පාකිස්තාන රජයට දැනුම් දී ඇත.

 

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00