මීට පෙර ඔරු පැදීමේ කිසිදු අත්දැකීමක් නොමැතිව සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකු අත්ලාන්තික් සාගරය තරණය කළ වේගවත්ම කාන්තා යුගලය ලෙසින් මෙතෙක් තිබූ ලෝක වාර්තාව බිඳ දමා තිබේ.
29 හැවිරිදි Jessica Oliver සහ 30 හැවිරිදි Charlotte Harris ලොව පුරා සිටින කණ්ඩායම් 35ක් අභිබවා යමින් මෙම අභියෝගය ජය ගැනීම සඳහා සැතපුම් 3,000ක් තරණය කළහ. ඔවුහු අත්ලාන්තික් තරණය දින 45 යි පැය හතයි විනාඩි 25 කින් නිම කිරීමට සමත් වූහ. ඒ කලින් පැවති වාර්තාවට වඩා දින 5ක් අඩුවෙනි. එසේම සිය අනෙකුත් සගයන්ට වඩා දින 5කට කලින් ඔවුන් මේ තරගය නිමා කළහ. මේ දෙදෙනා මීට පෙර මැරතන්, තුන්ප්‍රයාම වික්‍රම අවසන් කර කිලිමන්ජාරෝ කන්දද තරණය කර ඇති නමුත් කිසිදිනෙක ඔරු පැදීමේ පුහුණුවක් ලබා නොතිබීම ඔවුන් සතු විශේෂත්වයයි.