2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

පළමු මිනිස් යානය හිරු තුරුළට යයි!

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 147

නාසා ආයතනය විසින් දියත් කරන ලද Parker Solar Probe සූර්යයාගේ පිටත වායුගෝලය හරහා පියාසර කළ පළමු අභ්‍යවකාශ යානය බවට පත්විය. අභ්‍යවකාශ යානය සූර්යයාගේ ඉහළ වායුගෝලයේ (කොරෝනා) හරහා පියාසර කර එහි ඇති චුම්බක ක්ෂේත්‍ර සහ අංශු සාම්පල ලබාගත් බව අඟහරුවාදා ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළේය.

නාසා ආයතනය පැවසුවේ මෙම ජයග්‍රහණය විද්‍යාඥයින්ට සූර්යයා සහ අපගේ සෞරග්‍රහ මණ්ඩලය කෙරෙහි එහි බලපෑම පිළිබඳ තීරණාත්මක තොරතුරු සොයා ගැනීමට උපකාරී වනු ඇති බවයි. Parker Solar Probe ගවේෂණ යානය දැන් සූර්ය පෘෂ්ඨයට සමීපව රවුම් ගසමින් නව සොයාගැනීම් සිදු කරමින් සිටියි.

පාකර් ගවේෂණය දියත් කරන ලද්දේ 2018 දී ය. එය සූර්යයා වෙත නැවත නැවත යමින් සහ එමින් වඩ වඩාත් සමීප කිරීමට නාසා සමත්විය. අභ්‍යවකාශ යානය පැයට කිලෝමීටර් 500,000 ඉක්මවන විස්මිත වේගයකින් චලනය වෙයි. තාප හානිය වළක්වා ගැනීම සඳහා ඉක්මනින් ඇතුළු වීමට සහ ඉක්මනින් පිටතට යාමට මේ වේගය යානයට උපකාරි වේ.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00