2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

අමෙරිකාව තෙලට තිත තබයි!

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 256

වසර 2035 වනවිට ඉන්ධනවලින් ක්‍රියාත්මක වන වාහන මිලදී ගැනීම අත්හිටුවීමට අමෙරිකාව සැලසුම් කර ඇත. ඒ ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊට අදාළ නියෝගය අත්සන් තැබීමත් සමඟය. අහිතකර වායු විමෝචනය අඩු කිරීම සහ විදුලි මෝටර් රථ ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස මේ තීන්දුව ගෙන ඇත.

අමෙරිකානු රජය සතුව වාහන 650,000කට වැඩි ප්‍රමාණයක් ඇති අතර වාර්ෂිකව ඔවුන් මෝටර් රථ 50,000ක් පමණ මිලදී ගනු ලබනවා. ජනාධිපති ජෝ බයිඩ්න් විසින් අත්සන් තබන ලද විධායක නියෝගය අනුව එහි ඇති එක් සැලසුමක් වුයේ 2027 වර්ෂය වන විට රජය විසින් මිලදී ගනු ලබන සැහැල්ලු වාහන වායු විමෝචනයෙන් තොර වාහන විය යුතු බවයි. 
නව සැලැස්ම යටතේ 2030 වනවිට විමෝචනය 65%කින් අඩු කිරීමට සැලසුම් කර ඇත. 2030 වනවිට ශුද්ධ වාර්ෂික පදනමින් කාබන් රහිත සහ දූෂිත නොවන ප්‍රභවයන්ගෙන් පමණක් විදුලිය පරිභෝජනය කිරීමට රජය උත්සාහ කරන අතර අමෙරිකානු රජය සැලසුම් කර ඇත්තේ 2050 වනවිට වායු විමෝචනය ශුන්‍ය කිරීමටයි.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00