2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

බඩගින්නට විකිණෙන ඇෆ්ගන් දැරියෝ

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 54

කෝටි හතරක් වන සමස්ථ ඇෆ්ගනිස්තාන ජනගහනයම පවතින දරුණු ආර්ථික අර්බුදය එලෙසම පැවතියහොත් අන්ත දිළින්දන්ගේ මට්ටමට ඇදවැටෙනු ඇති බව ලෝක ආහාර වැඩසටහන පසුගියදා අනතුරු අඟවා තිබුණි.

මේ අතර එරට පවතින දරුණු ආර්ථික අර්බුදය හමුවේ ඇෆ්ගනිස්තානයේ දැරියන් ළමා මනාලියන් ලෙස විකිණීම ඉහළ ගොස් ඇත. ඒ අනුව වයස අවුරුදු 13 -15 තරමේ දැරියන් වැඩිහිටි පුද්ගලයන්ගේ මනාලියන් ලෙස ලබාදීම බහුලව සිදුවෙයි.

එමෙන්ම අනාගතයේදී මනාලියන් ලෙස ලබාදෙන පොරොන්දුව මත කුඩා දැරියන් පෙන්වා ණයලබා ගැනීම වැනි තත්ත්වයන්ද ඇෆ්ගනිස්තානය තුළ මේ වනවිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ වෙනුවෙන් ලබාගන්නා මුදල් පවුලේ සෙසු සාමාජිකයන්ට අවශ්‍ය ආහාර ලබාගැනීම සඳහාත්, ණය පියවීම සඳහාත් වැය කරති.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00