2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

චීන හොලිවුඩය ලෝක සිනමාව හොල්ලයි!

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 226

අමෙරිකාවේ හොලිවුඩයට සමාන සිනමා ගම්මානයක් වීයේ “චයිනාවූඩ්” හැටියට ආරම්භ කර ඇත. චීනයේ කහ මුහුදට ආසන්න ප්‍රදේශයක් ලෙස සැලකෙන GINGDAO හිදී චිත්‍රපට නිෂ්පාදනය සඳහා ඩොලර් බිලියන 6ක වියදමින් මහා පරිමාණයෙන් ඇමරිකාවේ හොලිවුඩයට සමාන මෙම  චිත්‍රපට ගම්මානය ගොඩනගා ඇත.

ඇමෙරිකාව සමග චීනයේ යුද්ධය ආර්ථික, දේශපාලන, රාජතාන්ත්‍රික කේෂ්ත්‍ර තුළ පමණක් නොව දැන් එය සංස්කෘතික ක්ෂේත්‍රයටත් පුළුල් වී තිබේ. ඒ අනුව චීනයේ නවතම ආයෝජනය බවට පත්ව ඇත්තේ සිනමාවයි. 

ඒ අනුව ඉදිරියේදී චීනයේ මෙම නවතම සිනමා ගම්මානය වන china wood නිපදවන චිත්‍රපට යුරෝපය ඇතුළු ලොවපුරා රටවල ප්‍රදර්ශනය කරනු ඇත. මේ වනවිටත් විශාල වශයෙන් විද්‍යා ප්‍රබන්ධ මුල්කරගත් චිත්‍රපට රාශියක් නිෂ්පාදනය වෙමින් පවතින බව පැවසේ. මෙම චිත්‍රපට ගම්මානය තුළ පාපන්දු පිට්ටනි 500කට සමාන විශාලත්වයකින් යුතු විශාල ස්ටුඩියෝවක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි. ඒ අතර තරු පහේ හෝටල් 5ක්, විශාල ආර්ථික මධ්‍යස්ථානයක්, චිත්‍රපට පාසලක් හා රෝහලක්ද අයත්වේ. චිත්‍රපට නිෂ්පාදනය සඳහා ලොවපුරා සිනමාවේදින්ට චීන රජය ආරාධනා කර ඇත. චීනය වසරකට චිත්‍රපට 400ක් නිෂ්පාදනය කරන රටක් ලෙස මේ වනවිට ලොවපුරා ප්‍රසිද්ධව ඇත.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00