2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

බටහිර කෙනෙහිලි මැද ඉරානය සීරුවෙන්!

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 94

සති අන්තයේ අවසන් වූ G20 කණ්ඩායමේ රැස්වීම අවසානයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් විසින් ඉරානයේ න්‍යෂ්ටික බල ව්‍යාපෘතිය ලෝක සාමයට තර්ජනයක් බවත් රාජතාන්ත්‍රික සාකච්චා මගින් විසඳුම් නොලැබුණොත් මිලිටරි පිළිතුරක් ලබාදීමට සුදානම් බවත්  පැවසුවේය. ඒ අතර ඉරානයට එරෙහිව යුද්ධයට ඩොලර් බිලියන 1.5 වෙන්කළ ඊශ්‍රායෙල් රජය කලාපයේ  ඉරාන විරෝධි  රාජ්‍යයන් සමග එක් පෙරමුණක සිට ඉරානයට පහර දෙන බව අනතුරු හඟවයි. මෙයට පිළිතුරු වශයෙන් ඉරානය පවසන්නේ එරට ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන 20ක් වෙන්කළ බවත් තම න්‍යෂ්ටික බල වැඩසටහන සිවිල් ව්‍යාපෘතියක් පමණක් බවත්ය.

මේ අතර ලෝක බලවතුන් සහ ඉරානය අතර න්‍යෂ්ටික සාකච්ඡා නැවත නොවැම්බර් 29 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි යුරෝපා සංගමය සඳහන් කළේය. න්‍යෂ්ටික සාකච්ජා ඇරඹීමට සූදානම් කර ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නුවරදීය. යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා මෙහි මුලසුන හෙබවීමට නියමිතය. යුරෝපා සංගමය නිවේදනය කළේ අමෙරිකාව ඇතුළු බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, ඉරානය වැනි රටවල් මෙම සාකච්ජාවට සහභාගී වනු ඇත.

මේ වනවිට චීන හා රුසියා (ශන්ගායි ගිවිසුම) යුද පෙරමුණේ සාමාජිකයෙකු බවට පත් වී සිටින ඉරානය ආර්ථික, දේශපාලන, මිලිටරි හා රාජතාන්ත්‍රික යන සියලුම පෙරමුණුවල වැඩි වාසි අත්පත් කරගෙන ඇති තත්ත්වයක් තුළ ඇමරිකාව සමග සාකච්ඡා මේසයේදී ඉරානයට කේවල් කිරීමේ හැකියාව ඉහළ තත්ත්වයක පවතින බව මේ අතර ජාත්‍යන්තර යුද නිරීක්ෂකයින් ප්‍රකාශ කර ඇත.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00