2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

චීන වැසියන්ට හදිසි දැනුම්දීමක්!

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 78

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හඳුනාගන්නා ප්‍රදේශ එකවර වසා දැමීම හා අධික වර්ෂාවෙන් වගා හානිවීම හමුවේ එළවළු සැපයුමට බලපෑම් එල්ලවීම මධ්‍යයේ අත්‍යවශ්‍ය භාණ්ඩ රුස්කර තබා ගන්නැයි චීන බලධාරීන් සිය රටවැසියන්ට දැනුම් දී තිබේ.

හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණ දීම සඳහා මෙලෙස පෙර  සුදානම් වන්නැයි සිය රටවැසියන්ට රජය දැනුම් දී ඇත. එරට වෙළඳ අමාත්‍යංශය විසින් එය නිවේදනය කර ඇත. කෙසේවෙතත් හදිසියේ භාණ්ඩ එක්රැස් කර තබාගන්නා ලෙස ජනතාවට දැනුම්දීමට හේතුව කුමක්ද යන්න කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් ප්‍රකාශ කර නැත.

වෙළඳ අමාත්‍යංශයේ හදිසි දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව ඇත. මේ හේතුවෙන් වෙළඳසල්වල දිගු පෝලිම්ද දැකිය හැකිය. පවතින තත්ත්වය හමුවේ මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන ලෙස චීනයේ වෙළඳ අමාත්‍යංශය සැපයුම්කරැවන්ට දැනුම් දී තිබේ.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00