2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් අලුත්ම මිසයිලයක් !

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 60

චීනයට අභියෝගයක් එල්ලකරමින් ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. එරට ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට එම මිසයිලය අත්හදා බලා ඇත.

ඉන්දියානු අග්නි මිසයිල වැඩපිළිවෙළ යටතේ නිෂ්පාදිත නව සාමාජිකයා වන මෙම බැලැස්ටික් මිසයිලය “අග්නි පහ” ලෙස නම් කර තිබේ. කිලෝමීටර් 5,000ක් පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත මෙමගින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව වාර්තා වේ.