අග්‍රාමාත්‍ය අබ්දුල්ලා හැම්දොක්ගේ ආණ්ඩුව විසුරුවා හැර ඒ වෙනුවට හමුදා ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ඉල්ලමින් සුඩාන ජනතාව, දහස් ගණනින් වීදි බැස සිටිති. ඛාර්ටුම් නගරයේ රැස්වූ ඔවුන් කියා සිටින්නේ සංක්‍රාන්ති ආණ්ඩුවේ අගමැතිවරයා ගෙදර යන තෙක් තමන් විසිර නොයන බවයි.
වත්මන් අගමැති අබ්දුල්ලා හැම්ඩොක්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ආර්ථික විශේෂඥයෙකි. කෙසේ නමුත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල මුල් කරගෙන ඔහු හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ, සුඩාන ජනතාව ආර්ථික වශයෙන් අඩපණ කර තිබේ.
හිටපු ජනපති ඕමාර් අල් බෂීර් යටතේ පැවති දශක දෙකක ඒකාධිපති පාලනය 2019 අප්‍රේල් මාසයේ අවසන් වූ පසුව තවමත් සුඩානයේ ස්ථාවර රාජ්‍යයක් බිහිව නැති අතර, පවතින්නේ බල සංක්‍රාන්තිය පාදක කරගත් සංක්‍රාන්තීය ආණ්ඩුවකි. එම ඒකාධිපති ආණ්ඩුව බලයෙන් පහ කිරීමට මුල් වූයේද සුඩාන හමුදාවයි.
ඉකුත්දා පැවති විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‘නිදහස සහ වෙනස සඳහා බලවේගයන්^ (FFC) නමැති සිවිල් සන්ධානය මගිනි. හිටපු ඒකාධිපති පාලක ඕමාර් අල් බෂීර් බලයෙන් පහ කිරීමට දායක වූ විරෝධතා සංවිධානය කළේද ඔවුන් විසිනි.