කෙන්යාවේ ප්‍රමුඛතම ක්‍රීඩිකාවක් වන ඇග්නස් ටිරොප්, ඉටෙන්හි පිහිටි ඇගේ නිවසේදී ඝාතනය කර ඇත. තියුණු ආයුධයකින් පහරදී තිබියදී මෘත දේහය සොයාගෙන ඇති අතර පොලීසිය ඇගේ සැමියා සැකකරුවෙකු ලෙස හඳුනාගෙන තිබේ. ජාත්‍යන්තර කෙළිබිමේ ප්‍රකට නමක් දරන ඇය 1985දී සෝලා බුඩ්ට පසුව එම ලෝක ශූරතා දිගු දුර තරඟය ජයග්‍රහණය කළ දෙවැනි ලාබාලතම තැනැත්තියයි.
පසුගිය මාසයේ මීටර් 10,000 කාන්තා දිගු දුර ධාවන තරඟයේ වාර්තාව බිඳ දමා 2017 සහ 2019 ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කම්ද දිනාගත් 25 හැවිරිදි එම ක්‍රීඩිකාව අතුරුදහන් වී ඇති බවට ඇගේ පියා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් කළ විමර්ශනයකදී ඇගේ මෘතදේහය සොයාගෙන තිබේ.