බ්‍රිතාන්‍ය මවක වන ලීසා ඩයස් ට්විටර් පණිවුඩයක් ඔස්සේ වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔක්තෝබර් 1 වැනිදා එක්සත් රාජධානියේ රට පුරා පාසල් වර්ජනයක් කැඳවූවාය. පාසල් නැවත විවෘත කර පළමු සති දෙක තුළදී, බ්‍රිතාන්‍යයේ 59,000කට වැඩි ළමයින් සංඛ්‍යාවකට කොවිඩ්-19 ආසාදනය වූ අතර, තම දරුවන් නිවෙසේ තබාගෙන වෛරසයෙන් ආරක්ෂා වීමට ස්වාධීන පියවර ගන්නා ලෙස ඇය දෙමාපියන්ව සිය වීඩියෝව මගින් උනන්දු කර තිබිණි.
ලීසා, සේෆ්-එඩ්-ෆෝ-ඕල් (සියලු දෙනා සඳහා ආරක්ෂිත අධ්‍යාපනයක් - SafeEdForAll) නමැති කණ්ඩායමේ සාමාජිකාවකි.
ඇය එක්සත් රාජධානියේ අධ්‍යාපන සේවකයන්ගේ ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සමඟද කටයුතු කරයි. බොරිස් ජොන්සන් පරිපාලනයේ සාපරාධී ලෙස පාසල් නැවත විවෘත කිරීමේ පිළිවෙත හෙලා දකින ඇගේ වීඩියෝවලට ට්විටර් ඔස්සේ විශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබී තිබේ. වෛරසය ජනගහනය හරහා පැතිර යාමට ඉඩ සලසන “රංචු ප්‍රතිශක්තිය” උපායමාර්ගය ක්‍රියාත්මක කරන එංගලන්තය පුරා ඇති පාසල්වල වසංගතය අවම කිරීමේ පියවර කිසිසේත් ගෙන නොමැත. ලීසා ඇගේ වීඩියෝ පටයේ සඳහන් කළේ, “අපට බොරු අහලා ඇතිවෙලා. විකාර කතා අහලා ඇතිවෙලා. ඔබ විද්‍යාඥයන්ට මුදල් ගෙවා කියවාගන්නා පාසලේදී ළමයින්ට වසංගතය ආසාදනය නොවේ, එය සිදු වන්නේ බසයෙන් ගමන් කරද්දී වැනි හාස්‍යජනක කතා අපට අහලා ඇතිවෙලා. මේ බොරුවලට අපිව රවටන්න බෑ. අපි එය තවදුරටත් බාර නොගනිමු.” යනුවෙනි.