2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

ප්‍රංශයේ හිටපු ජනාධිපතිට නැවතත් සිර දඬුවම්

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 76

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාර්කෝසිට එරෙහිව නැවතත් වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දු කර තිබේ. නීති විරෝධී ලෙස 2012දී ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි. 66 හැවිරිදි සාර්කෝසි තමා වැරැද්දක් නොකළ බව පැවසීය. හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයා පැවසුවේ ඔවුන් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවය.

66 හැවිරිදි සාර්කෝසි 2012 ජනාධිපතිවරණය සඳහා අමෙරිකා ඩොලර් මිලියන 54ක් වැයකර තිබූ අතර, ඒ පිළිබඳ 2014දී සිදුකළ විමර්ශනයට ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ව්‍යාජ රිසිට් පත් බවට තහවුරු වී තිබිණි. ප්‍රංස මැතිවරණ නීතිරීතිවලට අනුව කිසිදු අපේක්ෂකයකුට ඩොලර් මිලියන 24කට වඩා සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැයකිරීම තහනම් වේ. ප්‍රංශ ඉතිහාසයේ ඉහළ පෙළ නායකයකු අවස්ථා දෙකකදී සිර දඬුවමකට යටත් වූ පළමු අවස්ථාව ලෙස මෙය සඳහන්වේ. ඒ  මීට පෙර පසුගිය මාර්තු මාසයේදී ඔහුට වසර තුනක සිර දඬුවමකට යටත්වීමටද සිදු වූ හෙයිනි. 

ඒ අපරාධ චෝදනාවක තොරතුරු තමාට ලබාදීම වෙනුවෙන් මහේස්ත්‍රාත්වරයෙකුට ඉහළ තනතුරක් අල්ලස් ලෙස ලබාදීමට උත්සහ ගැනීමේ චෝදනාව මතය. මෙහිදී අදාළ මහේස්ත්‍රාත්වරයා සාර්කෝසිගේ නීතීඥවරයාටද සිර දඬුවම් ලබා දුන්නේය. 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපති ධුරය දැරෑ සාර්කෝසි හට මේ දඬුවම හිමිවූයේ 2014 වසරේදී සිදුවූ එම සිද්ධියටය.

එදා සාර්කෝසිගේ තුන් අවුරුදු සිර දඬුවමෙන් වසර දෙකක් අත්හිටවූ සිර දඬුවම් වූ  අතර ඉතිරි වසරක කාලය බන්ධනාගාර ගත කිරීමක් සිදු නොකර සිය නිවසේම රඳවා තැබීමට නියමිත විය. එම කාලය තුළ ඔහුගේ අතෙහි ඉලෙක්ට්‍රොනික් බ්‍රේස්ලට් එකක් සවිකරන අතර එමගින් ඔහුට නිවසෙන් පිටතට යාම පාලනය කෙරැණි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00